(අංජුල මහික වීරරත්න)
ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරමින් රට පුරාම එකවර දේශපාලන කටයුතු ලබන සතියේ සිට ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙලෙස එකවර ක්‍රියාත්මක කරන ක්ෂෙත්ර හතර වන්නේ තරුණ සංවිධාන, කාන්තා එකමුතුව, පළාත් පාලන ආයතන මහජන නියෝජිත හමුව සහ බිම් මට්ටමේ සාමාජික වැඩසටහන් ය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන වැඩ කටයුතු මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙන හෙයින් ලබන සතියේ සිට පූර්ණ කාලීනව දේශපාලන කටයුතු ආරම්භ කරන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
බිම් මට්ටමේ පක්ෂ දේශපාලන කටයුතු ඇරැඹීමත් සමග ආසන මට්ටමින් වගකීම් බාර දෙන නව සංවිධායකයින් හඳුන්වාදීමේ වැඩසටහන ද ක්‍රියාවට නංවන බව එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන,මහා ලේකම් පාලිත රංගේබණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව වසරේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන කටයුතු ක්‍රියාවට නැංවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී පෙටිටියක් අරන් වැලලියල්ලා.. ඒක තමයි නුඹලාට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ..!!
රනිල් ඉන්නකම් යූ.එන්.පී එකට නැගිටීමක් නැහැ
ලොක්කට මේ පාරත් ආසනේ හබක් වෙනවා අනිවාර්යයි
රටේ පවතින ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරු ජනාධිපති වුණත් වැඩක් නෑ ඊට යටින් ඉන්නෙ හොරකමටම වන්චාවටම බොරුවටම හුරුවුණු මැති ඇමති මන්ත්‍රී කොටසක්නම්. රට එන්න එන්නම විනාශයට ඇදගෙන යනවා. ඔවුන් තර වෙනවා
ඔන්න රෝද පුටුවයි හැරමිටියයි මගේ ගානේ
දැන් එ.ජා.ප.ය කියලා දේශපාලන පක්ෂයක් රටේ තියෙනවද කියලා රටේ ජනතාව නම් දන්නේ නැහැ. මොකද රනිල් එ.ජා.ප.ය මළගම යවලා දැන් ගොඩක් කල්. රටේ මහා කුළුණක් වගේ තිබුණු ප්‍රබලම පක්ෂයකට රනිල් කළ හදිය...!!! මෙයා ගුටි නොකා බේරිලා ඉන්නවා පුදුමයි...
එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටමේ පක්ෂ දේශපාලන කටයුතු ඇරඹීමත් සමග ආසන මට්ටමින් වගකීම් බාරදෙන නව සංවිධායකයින් වශයෙන් පියාගෙන් පුතාට හෝ දියණිය වෙනුවට බුද්ධිමත් අවංක තරුණ පිරිසක් ඉදිරියට ගැනීමට අවස්ථාව සලසාදීම වැදගත් වේ.
අනේ මෙහෙම තණ්හාවක්... ලොක්කට කිව්වේ.
උපන් ගෙයි අපලෙත් ඉවරයි කියනවනේ..., මෙදාපාර නම් වැඩක් වෙන්න පුළුවනි..
කවුද? මාමයි, බෑණයි, දෙන්නද ඉස්සරහින් යන්නේ?
ඔය පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රට පාලනේ කළා. වෙනත් විකල්පයක් ගැන හිතන්න කාලය ඇවිත්... ණය උගුලකට හිරකරලා තියෙන රට ගොඩදාන එකත් හිතන තරම් ලෙහෙසි නැහැ...
පසුගිය දා TNL ආයතනය මගින් පත්වන ලද මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී තරුණයින් විසින් බොහෝ අදහස් ප්‍රකාශ විය. වර්තමානයේ සීමිත පරිසක් (unions සහ කුඩා දේශපාලන පක්ෂ ඇතුළුව) විසින් විදේශ අයෝජන පිළිබඳව විසල් බිල්ලකු මවමින් රටේ ජනතාව රැවටීමකට ලක්කරමින් තිබේ. එමනිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවකට පමණක් කළ නොහැකි සංවර්ධන කටයුතු (මුදල්, අකාර්යක්ෂම තත්වයන්, දූෂණය, තාක්ෂණික දැනුම, ලෝකයේ දියුණු රටවල් සහ සමාගම් සමග සම්බන්ධතාවයන් නොමැතිව) විදේශ යෝජනා මැදිහත්වීම් පිළිබඳව තරුණ අදහස් සහ ඔවුන් රටේ අනාගත දියුණුව පිළිබඳව විමසීම වැදගත් මෙන්ම තරුණයන් මගින් රටට පණිවිඩයක් ලබාදිය හැකිවේ. මේ දිනවල ගෑස් සහ වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පෝලිම්වල සිටින ජනතාව අතරම, ජනසවිය ලබාගැනීම සඳහා පෝලිමද දක්නට ලැබිණි. එම පෝලිම අධ්‍යයනය කිරීමේදී (ගාල්ල ප්‍රදේශයේ) ජනසවිය ලැබීමට නුසුදුසු පිරිස විශාල වශයෙන් පෝලිම්වල සිටින බවකි. ඔවුන් කියා සිටියේ එදින රැකියාවට පවා නොගොස් ජනසවිය ලබාගැනීමට පැමිණි බවකි...
රටේ මුදල් අවශ්‍ය වූවන් හට පමණක් ලබාදීම වෙනුවට දේශපාලනය වෙනුවෙන් ජනසවිය යොදාගැනීම නැවැත්විය යුතුවේ. මේ පැමිණ තිබෙනුයේ රට නිවැරැදි මාර්ගයට ගතයුතු සුදුසුම අවස්ථාව සහ නිවැරදි කළයුතු සියල්ල පළමු වටයේදීම නිවැරදි කිරීමේ අවස්ථාව සහ ඒ සඳහා සැලසුමක් සකස් කිරීමේ අවස්ථාවද වේ. ජනසවිය ලබාගැනීමට නම් 60ට වැඩි රැකියාවක් නොකරනලද රජයේ හෝ private sector සහ අසනීප පුද්ගලයින් හැර අන්සියලු දෙනාගේ ජනසවිය ඉවත් කළයුතුවේ. බොහෝ දෙනෙකුගේ පවුලේ සාමාජිකයින් විදේශ ක්‍රියාවන් සහ ලංකාවේ වෙනත් ප්‍රදේශ තුළ රැකියාවක් කරන අතරම ජනසවිය ලබාගැනීමද සිදුවන්නේ ජනසවිය මුදල් ලබාදීම් පිළිබඳව රටම ආවරණය වන පරිදි රටේ කිසිඳු ඩේටාබේස් නොමැතිවීම නිසාවෙනි. දෙවනුව ජනසවිය වැනි අකාර්යක්ෂම ව්‍යාපෘති පිළිබඳව තරුණයින්ගේ අදහස් අගය කළයුතු අතර එම අදහස් ඉතාම වැදගත් වේ...