
(සුජිත් හේවාජුලිගේ)
සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
බිත්තර කුකුළු මස් සහ සත්ව නිෂ්පාදනවල මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.
බඩ ඉරිගු මෙරට මෙවර වගා කර ඇත්තේ හෙක්ටයාර් 40,000ක් පමණක් බවත් එමගින් අපේක්ෂිත බඩඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් බවත් කොතලාවල මහත්මිය කීවාය.
බඩ ඉරිඟු මිලදී ගැනීම සඳහා ඇස්තමේන්තු සකස් කරගෙන යන බවද ඇය පැවසුවාය.
මෙරටට බඩ ඉරිඟු ආනයනය කෙරෙන්නේ ඇමරිකාව සහ ඉන්දියාවෙනි.
මේ අතර රටේ එළවළු හිඟය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකරන විරුවා... සඳුන් ගස් එකදහස් එකසීයක් අපලෙකට හැදුවාට කන්න බඩ ඉරිඟු කරලක් වවාගන්න බැරිවෙලා වගේ...
දේශීය බඩඉරිඟු වෙනුවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අමන උගතුන් මැලේසියන් බඩඉරිඟු ගොවියාට දුන්නා. එව්වා හිටවපු දවසේ ඉඳන් පොහොර වස විෂ ගහන්න ඕනෑ. මේ රටේ කෘෂිකර්මය විනාශ කළේ උපාධි ගහගත්ත රටේ පරිසරය නොදත් අය. දැන් ඒකත් පිටරටින් ගේනවා. අහෝ අපේ මව්බිම...!
ගෙවෙන්න ඩොලර් තියෙනවද? අනේ මෙහෙමත් ආණ්ඩුවක්...
සත්ව ගොවිපලවලට අවශ්‍ය අමුද්‍රව්‍යයකි. මේවා මෙරට වගාකළවිට ගොවියන්ට රැකියාවක් සැපයේ. එහෙත් එයට අවශ්‍ය ප්‍රමිතිගත රසායනික පොහොර ගෙන්වනවාට වඩා ප්‍රතිලාභයක් එම බෝගය ආනයනයෙන් ලැබෙන්නේ එහිදී අතරමැදියෙකුගේ සාක්කු පිරවිය හැකි නිසාවෙන්ද?
''ඩොලර් ඉතිරි කරන්න කාබනික වගාකරපු සෑර්, බඩඉරිඟුත් රටින් ගෙනාවා වගේ...''
කලක් අපේ රට බඉ ඉරිඟු වලින් ස්වයංපෝෂිතව පැවැතියා... දැන් කාබනික පෙහොරවලට පින්සිදු වෙන්න ඒකත් ආනයනය කරන්න වෙලා... පොහොරවලින් ඉතිරිකරගත් මුදල මෙන් දෙතුන් ගුණයක් මේ වෙනුවෙන් ගෙවන්න වෙයි. එයයි සෞභාග්‍යය...
මට වැටහෙන විදිය, ඩොලර් නැතිනිසා පෝර නැවැත්තුවා. පෝර නැති නිසා ඵළදාව අඩුවුණා. ගොවීන්ට අදායම අහිමි වුණා. ඵළදාව අඩු නිසා ඩොලර් දීලා ඉරිඟු ගෙන්නුවා. කොහොමද වියතුන්ගේ මොලය..?
පොහොර නැතුව බඩ ඉරිඟු ගොවීන් දහස් ගණනක් කරකියා ගන්න දෙයක් නැතුව අසරණව ඉන්නවා.. ඔවුන් අනාථ වෙලා. ව්‍යාපාරිකයින් කීපදෙනෙක් දැන් බඩ ඉරිඟු ගෙන්වන්න හදනවා. ඇමැතිවරයාට කොමිස් ලැබෙනවිට කාටද ආඩම්බර? සෞභාග්‍යයේ දැක්ම කොහොමද?
ඔව් ඉතින් 68 ලක්ෂයක් සත්තු ඉන්න සත්ව ගොවිපලක්නේ මේක... ඉතින් රටින් ගෙනැල්ලා හරි හරක් බලන්න එපැයි. අනේ අපේ අසරණ ගොවියෝ... උඩ පැනගෙන ඡන්දෙ දීලා කිරිබතුත් කෑවනේ ඉතින්...