(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
"අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද " යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළේය.
මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍ය වලට අදහස් දක්වමිනි.
මහින්ද සුළඟ නුගේගොඩින් අවුලවා ගත් දින සිට පැමිණි ගමනක අවසාන ප්‍රතිඵලය ලෙස මෙම ආණ්ඩුව ඇරඹුණු බව සිහිපත් කළ නානායක්කාර මහතා ජනාධිපතිවරයා සමග ඉදිරියට ගමන් කිරීම එකම බලාපොරොත්තුව බව ද සඳහන් කළේය.
නමුත් රටට අහිතකර දෙයක් සිදු වන්නේ නම් එය මතුකර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන් ගියාම කොමිස්වලින් හම්බ කරගන්න බැහැ. ඒක නිසා ආණ්ඩුවෙන් යන්න එපා... ඔහොම ඉඳලා අපිව තව ටිකක් කන්න.
මේ වගේ අයට දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන්න පුලුවන්.
ආණ්ඩුවක් හදලා කෙරුවත් රටට විනාශය. එළියට ගියත් කරන්නේ විනාශයමයි...
කාලකන්නි කුජීත දේශපාලුවන් කවදාවත් මේ ආණ්ඩුවෙන් යන්නෙත් නැහැ. එළවන්නෙත් නැහැ. එලවන්න තරම් විරුවා පට්ටම්ට කොන්දකුත් නැහැ. ජේ.ආර්. වගේ කෙනෙක් හිටියා නම් බලාගන්න තිබුණා දොට්ට දමන්නේ පස්සට පයින් ගහලා..
පිං පඩියෙන් කන එකයි කරන්නේ...
හරියට හරි කොල්ලා ලේ උරා බිබි ඉන්නව මිසක්
දැන දැන ජනාධිපති සමග ඉදිරියට ගමන් කිරීම අසාර්ථක ගමනක්. ජනාධිපතිට අවශ්‍ය වෙලා තියන්නේ ඔගොල්ලොන්ව මගහැරිලා යන ගමන යන්න. ඒ නිසා නේ ජනාධිපති පැහිදිලිව කිව්වේ ආණ්ඩුව විවේචන කරගන සහ ආණ්ඩුවට එරහිව අධිකරණ ක්රයාමාර්ගයට යන්නේ නම්, ආණ්ඩුවෙන් ඉවත් වෙලා මේ වැඩේ කරන්නයි කියල. ජනාධිපති එහම කියද්දී ඔයාල කොහොමද ජනාධිපති සමග ඉදිරියට යන්නේ?
මහින්දගේ සාටකයට මුවා වෙන්න තියෙන්නේ අයින් වෙනවා කොහොම වෙතත් අයින් කරන්න ඉස්සෙල්ලා .කෝ අර ? නැට්ට ගහගෙන ඇති අර මොකද්ද අස්සේ
ඇයි ලංකාවේ මිනිස්සු මෙහෙම මෝඩ
අපි හදපු එක කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් ආණ්ඩුවක් ද බෝල මේක ?මූ හොඳයි පාර්ලිමේන්තුවේ කුණුහරුප කිය කියා ඉන්න .රත්නපුර මිනිස්සු ආයෙත් මුට චන්දේ දුන්නොත් අපි ගහන්නේ චන්දෙ දීපු උන්ට
මහින්ද අහවල් එක නෙමෙයි .,මෙයාලට එලියට ගිහින් සුර සැප විඳින්න කවුද වියදම් කරන්නේ .අවස්තාවාදී පජාතයෝ.රටම කකා වහසි බස් දොඩන්න විතරක් කට තියනවා.මහා ලොකු චන්ඩි නම් එලියට බහින්න එපයි. තමන්ගේ ප්‍රතිපත්තියේ ඉඳන් එලියට බැස්සේ ජවිපෙ විතරයි .
ආණ්ඩුවෙන් නෙමෙයි මහපොළවෙන් යනකම් බලන් ඉන්නේ අපි
ආණ්ඩුව හදනවා මිසක්....
දැන්නම් ජවිපෙ විතරයි...
මෙයාව පාර්ලිමේන්තුවට පත්කරලා එවපු අයට... ගුලි ගිල්ලවන්න ඕනේ...
තව ටික දවසකට... දැනටම ගොක්කොළ වැල් පෙනෙන්නට පටන් අරගෙන ඇති...
බල්ලා මැරෙනවට කිණිතුල්ලා කැමැති නැහැ...
මේ වගේ අපතයින් තමයි රට කන්නේ...
යනවා නෙමෙයි, දුවන්න වෙන්නේ... මොකද ජනතාවගේ රතු කට්ට පැනලයි තියෙන්නේ...!
ලේ උරා බොන අය වගේ ආණ්ඩුවේ ඉන්නේ... එහෙව් එකේ මේක අතහැරලා යන කූඩැල්ලෙක් නෙමෙයි මම.
මේ ආණ්ඩුවට ගෙදර යන්න තියෙන්නේ... ජනතාවගෙන් දොස් අහලා, ගුටිකාලා, සමහර විට වෙඩිත් කාලා තමයි..
ඔබට හැරදා යන්න කියන්නේ ඔබලා හැදූ රාජ්‍යයද? යන්න එපා අයියා යන්න එපා...