
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්න ඇති බවත් ජනපති වටා සිටින කේවට්ටයින් නිසා අද රට ගෙන යෑමට නොහැකි වී ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
එක කේවට්ටයකු නම් ඉවත්වූ බව ද උන්වහන්සේ සඳහන් කළහ.
ආනන්ද හිමියන් මෙසේ පැවසූවේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවලට අදහස් දක්වමිනි.
පොහොර සම්බන්ධයෙන් එක කේවට්ටයකු දුන් උපදෙස් නිසා ජනතාවට අද මුළු රටම එපා වී ඇතැයි පැවසූ ආනන්ද හිමියෝ ඩොලර් පස්සෙ නොයා මේ අය එහා මෙහා කළොත් සියලු ප්රශ්නය විසඳිය හැකි බවද ප්‍රකාශ කළහ.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එම ධූරයෙන් ඉවත්වීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද උන්වහන්සේ පැවසූහ.
"එතුමා යනවනම් අපිට කියලයි යන්නේ " යැයිද ආනන්ද හිමියෝ එහිදී ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එම ධුරයෙන් ඉවත්ව ගියහොත් ජනාධිපතිවරයා දෙවරක් නොසිතා සජිත් ප්‍රේමදාස අගමැති කරාවි..
කේවට්ටයින් පමණක් නොවේ හාමුදුරුවනේ,.. බත් බැලයින්, එහෙයියන් එහෙමත් ඉන්නවනේ ඇති වෙන්න...
පන්දම්කාරයින් නිසා නේද රට ගෙනියන්න බැරි අපේ හාමුදුරුවනේ? ආණ්ඩුව ඒ ගොල්ලන්ට සලකන්න ගිහින් නිකම් සවුත්තු වෙනවා කියලයි අපට පේන්නේ...
පොඩිම පොඩි, පුංචිම පුංචි, ප්‍රශ්න චුට්ටක් තියෙනවා...
"ජනතාවට අද මුළු රටම එපා වී ඇතැයි" පිලිගන්නවා .ඒත් වහල්කමින් කවද මිදෙයිද දන්නේ නැහැ අපේ හාමුදුරුවනේ
කනගාටුව කේවට්ටයාම එහෙම කියන එක
කේවට්ටයා ඔබ අමතයි
රට ගෙනියන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා ගියා නම් ඉවරයිනේ...
ලොකුම කේවට්ටයා බව රටම දන්නවා.
ආ මැට්ටෝ... හම්බ ඇසින් ලංකාව දිහා බලන්න එපා. 2022 ලබන වෙලාවේ එක හම්බයෙක් රතිඤ්ඤා කරලක් පත්තු කළාද? ඊයේ පත්තු කරපු රතිඤ්ඤා සද්දෙට ලංකාව කාවත්වත් එපාවෙලා නැහැ. අපි යතාර්ථයට මුහුණ දීලා තිබෙනවා. හැබැයි හම්බයින්ට ඉස්සර කෙරුවාවල් බැරි නිසා ලංකාව එපා වෙලා ඇති, එ්කයි වෙන්නත් ඕනේ. යන්න හලෝ යන්න මේක දාලා යන්න...