(සුජිත් හේවාජුලිගේ )

ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාරවල කිසිදු හිඟයක් ඇති නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයිද  හෙතෙම සඳහන් කළේය.

ඩොලර් හිඟය හේතුවෙන් ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකිවීම නිසා ඇතැමුන් ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශ සිදු කරන බව පැවසූ අජන්ත ද සිල්වා මහතා  කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මුල්කර ගනිමින් ජනතාව මුලා කර දේශපාලන වාසි ගැනීමට ඇතැමුන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බවද  පැවසුවේය.