(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් පාවිච්චි කරමින් සිටින පැරණි සිලින්ඩරවල ඇති ගෑස් ප්‍රමාණය කිරා බලා භාරගෙන ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව  එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන්ට උපදෙස් දී ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච් වෑගපිටිය මහතා 'ලංකාදීප' යට පැවැසීය.

ලාෆ් ගෑස් පැරණි සිලින්ඩර විශාල ප්‍රමාණයක් නැවත එකතු කිරීමට නොමැති වුවද අධිකරණය දුන් නියෝගය මත මෙම එකතු කිරීම ක්‍රියාත්මක කරන බව කී වෑගපිටිය මහතා ඒ වෙනුවෙන් පාරිභෝගිකයන්ට සාධාරණය ඉටු කරන බව ද සඳහන් කළේය.