
(ඉන්දිකා රාමනායක)
ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවකුට ලබා දීමට ඥාතීන් රැගෙන ආ බත් පාර්සලයේ තිබී මත්කුඩු පැකට් 4 ක් සොයා ගත් බව බන්ධනාගාර මූලස්ථානය කියයි.
මෙම මත්කුඩු පැකට් සෝයා මීට් ව්‍යංජනයේ සුක්ෂම ලෙස සඟවා රෝස පැහැති පොලිතීන් කැබලිවල අසුරන ලද මත් ද්‍රව්‍ය කුඩා පැකට් 04 අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයන් සහ එම මත් ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සදහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
මෙම , සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය වැඩි දුරටත් දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කාරයින් හඳේ දාලාවත් හදන්න බෑ. මෙයාලා අපායට ගිහිනුත් කුඩු ඉල්ලයි