(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන මිල ඉහළ නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදුකළත්මේ මොහොතේ කිසිලෙසකින්වත්  දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය.

බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටියදී හදිසියේම දුම්රිය  ගාස්තු සංශෝධනයක්  සිදුකළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

ඉන්ධන ගාස්තු ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු වැඩි කරන ලෙස බස් සංගම් කළ ඉල්ලීම හේතුවෙන් සියයට 17 කින් බස් ගාස්තු වැඩි කිරීමට සිදුවුවත් කිසිදු හේතුවක් මත දුම්රිය ගාස්තු  වැඩි කිරීමට පියවර නොගන්නා බවත් අමාත්‍යරයා වැඩිදුරටත් කීවේය.