
(අජන්ත කුමාර අගලකඩ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනවාරි 15 වැනිදා ජනතා අයිතියට කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මෙම කොටසේ දුර කි.මි 40.91 කි. මේ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 13700 කි.
දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත. මෙම මාර්ගය මංතීරු හතරකින් සමන්විතය.
අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහකි. මීරිගම,නාකලගමුව,දම්බොක්ක,කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය කොන්ත්‍රාත්තුකරුවන් යෙදවීම සියයට සියයක් සාර්ථක වෙයිද දන්නේ නෑ කියන එක නෙමෙයිද ව්‍යංගර්ථයෙන් දැක්වෙන්නේ. හැබැයි ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සහ ගොඩනැගිලි නිර්මාණකරුවන් සිංගප්පූරුව වැනි රටවලත් වැඩ කරනවා. ප්රශ්නය තියෙන්නේ ඔවුන් නියම වෘත්තිකයින් නිසාත් ලෝකයේ දියුණු විනිවිද භාවයෙන් වැඩකරන රටවල් සමග එක්වී වැඩකළ පුරුද්ද ඇති නිසාත් කොමිස් දෙන පුරුද්ද නෑ. ලංකාවේ සාමාන්‍යයෙන් මාර්ග බාලවෙන්නේ දේශපාලකයින්ගේ සිට පහළ නිලධාරියාට කොමිස් දුන්පසු කොන්ත්‍රාත්කරුවන්ට ලාභය තබා වැඩක් කිරීමට බැරි නිසාවෙන් ඔවුන් පැලැස්තරයක් දමා මාරුවීමට පෙළඹෙන නිසයි. චීන්නුන් තම ඉදිකිරීමේ ව්‍යාපෘති බාල නොකරන්නේ දැනට ලොවපුරා කොන්ත්‍රාත් ගන්නා ඔවුන් එම ව්‍යාපෘති හරහා අධික පොලී සහිත ණය ලබා දී සිරකරුවන්ගෙන් නොමිලේ ශ්‍රමය යොදවා අධික ලාභයක් උපයන නිසයි.
2022 ට පාරේ තාරවත් කමු. කිරිබත් කන්න බැරි වෙද්දී..
ජෙප්පන් හිතාගෙන ඉන්නේ මේ පාරවල් ඉබේ පහළ වෙනවා කියලා. නැතිනම් අහවිද ණය වුනේ මොකටද කියලා. ණයවෙලා හරි රාජපක්ෂලා කළොත් තමයි. නැතිනම් එජාපයින් අවුරුදු 5ක් බලයේ හිටියා මොන බම්බුවක්ද කලේ...? එ්ත් රට තව ට්‍රිලියන 7ක් ණයකළා.
ජනතාවගේ සල්ලිවලින් හදන ඒවා ජනතාවටනේ අයිති... මොනවද මේ ගොන් කතා...?