
(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසීය.
රුපියල් 1195 ක්ව පැවැති කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1345 ක් දක්වා ද, රුපියල් 480 ක්ව පැවති ග්‍රෑම් 400 පිටිකිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් දක්වා ද ඉහල දැමූ බව කී අශෝක බණ්ඩාර මහතා නව මිල අද සිට ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
සමාගම් සතුව පවතින තොග මට්ටම අනුව ඒ ඒ සමාගම්වල කිරිපිටි මිල ඉහළ යාමේ දිනය තීරණය වන බවත් මේ වන විටත් තොග තිබෙන සමාගම්වල කිරිපිටි වර්ග ඊයේ සිට ඉහල යනු ඇති බවත් බණ්ඩාර මහතා කීය.
කිරිපිටි මිල ඊයේ කළ වැඩිවීම සාධාරණ කාලයක් පවත්වා ගෙන යාහැකි බවට තමන් විශ්වාස කරන බවත් ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල අඩු වුවහොත් අනිවාර්යෙන්ම එහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරන බවත් අශෝක බණ්ඩාර මහතා අවධාරණය කළේය.
පසුගිය මාස දෙකක පමණ කාලයක තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම මිල ඉහළ දැමීම කළ බව කී බණ්ඩාර මහතා පැවසුවේ මිල ඉහළ නොදැමූවේ නම් සමාගම් දිගින් දිගටම පාඩු ලබමින් වසා දැමීමට සිදුවන බවත්ය.
පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල නැව් ගාස්තු නොමැතිව කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ඩොලර් 3500 කට පැවති බවත් සදහන් කල බණ්ඩාර මහතා කීවේ මේ වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ඩොලර් 3900 ත් 4000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් එයට ඉහළ ගිය නැව් ගාස්තු ද එකතු කළ විට කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ආනයනය කිරීමට ඩොලර් 4200 ක් පමණ වැය වන බවත්ය.
කිරිපිටි සමාගම් පසුගිය වසර 10 ක පමණ කාලය තුළ ඉතාමත්ම අඩු ලාභයක් ලැබූ බව කී බණ්ඩාර මහතා සඳහන් කළේ මෙම මෙම මිල වැඩි කිරීම තුළින්ද එම සමාගම් පිරිවැය ආවරණය කරගනිමින් ඉතාමත්ම සුළු ලාභයක් ලබන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉවසලා කර්මයට බාරදීලා ඉඳිමු නේද?
අපි අනුර කුමාරගේ මූනේ ලපේට බනිමු, ඒක නිසයි මේ සියල්ල වෙන්නේ...
රුපියල් 10000 නෝට්ටුවක් ළඟදීම භාවිතයට
අනේ මුන්ගේ කයිවාරු.ඔච්චර ලාභ ලබලා ඕකුන්ට කෙලවෙන්නේ එකපාරටම.අහිංසක මිනිස්සු බොන කිරිපිටි ටික කොහොම හරි ගන්න බව දන්නා නිසා අධික ලාභ ලබනවා.මුන්ගේ මේ සල්ලි වලින් ගන්න දේවල් නැති බන්ගස්තාන වෙලාම යන්න ඕනේ.
පාලකයෝ ජෙට්වලින් ලෝකය වටේ සවාරි යනවා... දුප්පත් පවුලක කුඩා දරුවෙකුට කිරි දෙන්න ඡන්දෙ ඉල්ලනකොට ජනතාවට පුදුම ධෛර්යයක්නේ තිබුණේ... මේවා ඵලදෙනවා.
සමහරු අහනවා ලෝක වෙළෙඳපළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පොහොට්ටුව එක්ක තරහද කියලා.. මේ පක්ෂය බලයට ආපු සෑම වතාවකම ලෝක වෙළෙඳපලේ බඩුමිල වැඩි කරන්නේ...
ලෝක වෙළඳපලේ මිල අඩු වෙනකොට අනිවාර්යයෙන්ම ඒ වාසිය ජනතාවට ලැබෙයි...
ඒ මදිවට දේශීය කිරිපිටි විකුණන තැන්වල පෝලිම් නිසා පාර අවහිර වෙනවා කියලා ඒවත් වස්සවලා තියෙන්නේ පොලිසියෙන් දාලා. පැලවත්ත කිරිපිටි සමාගමේ අයට කියන්නේ. පොලිසියේ කාටවත් කිරිපිටි විකුණන්න එපා..