(නිමල කොඩිතුවක්කු)

බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින්  ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය  (29) පියවර ගනු ලැබීය.

ඒ අනුව රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩිවන  බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ශෂී වෙල්ගම මහතා ලංකාදීපයට පැවසීය.

මෙයට අමතරව රුපියල් 17ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 20 දක්වාත්, රුපියල් 23 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 27 දක්වාත්, රුපියල් 28 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 33 දක්වාත්, රුපියල් 33ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 39 දක්වාත් වැඩිකිරීමට නියමිත බව වෙල්ගම මහතා කීවේය.

එම බස් ගාස්තු වැඩිකිරීම ජනවාරි 05 වැනිදා  සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලංගම සහ පෞද්ගලික බසරථ සියල්ලෙහිම මෙම ගාස්තු සංශෝධනය සිදුකරන බවත් වෙල්ගම මහතා කීවේය.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තුද ඉහළ දමන්නැයි  බස් හිමියන්ගේ සංගම් රජයෙන් කළ ඉල්ලීමක් මත මෙම ගාස්තු සංශෝධනය සිදුකරනු ලැබීය.

මිල සූත්‍රය උපවෙයා්ගී කරගිනිමින් ගාස්තු සංශෝධනයක් කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිල්ම් අමුනුගම මහතා ඉකුත් 22 ලබා දුන් උපදෙස් මත මෙම නව ගාස්තු ප්‍රකාශයට පත්කෙරිණ.