මෙරට දරුවන්ට නවසීලන්තයෙන් ප්‍රදානයක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි අවදානමට ලක්වූ ළමුන් වෙනුවෙන් අවශ්‍ය හදිසි සහාය ලබාදීමට නවසීලන්ත ඩොලර් ලක්ෂ 8 ක මුදලක් යුනිසෙෆ් ශ්‍රී ලංකා වෙත ප්රදානය කරන බව නවසීලන්ත විදේශ කටයුතු,පළාත් පාලන අමාත්‍ය නනායා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය. 23 June 2022
රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ජනතාව පත්ව ඇති පීඩනය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ප්‍රශ්න තව දුරටත් පැවතුණ හොත් ජනතා පැහැරගැනීමට පෙළමීමත් ආණ්ඩුව එය පාලන කිරීමත් සමඟ සිවිල් යුද්ධයක් නිර්මාණය වියහැකි බවත් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (23) පැවසීය. 23 June 2022
සහල් අක්රමිකතාවලට 665 ක් අත්අඩංගුවට සහල් පිළිබඳව අක්රමිකතාව සම්බ න්ධයෙන් කළ වැටලීම්වලදී වෙළෙදුන් 665 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 June 2022
දුම්රිය සේවකයෝ විරෝධතාවයේ දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි දුම්රිය මාර්ග හා කර්මාන්ත දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් අද (23) පැවැත්වීය. 23 June 2022
ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දුන් සුබ පොරොන්දුව දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (23) දැනුම් දුන්නේය. 23 June 2022
අගමැති-ඉන්දීය විදේශ ලේකම් සාකච්ඡා ඇරැඹේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්රමුඛ ඉහළ පෙළේ ඉන්දීය නියෝජිත පිරිස සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා ආරම්භ කළේය. 23 June 2022
සැඟවූ තෙල් හොයන්න ගිය පාරිභෝගිකයේ පිරිසක් රඳවාගෙන නාත්තන්ඩිය අයි.ඕ.සි.ඉන්ධන හලේ සඟවා තිබු පෙට්‍රල් තොගයක් බෙදාදිමට ගිය පාරිභෝගක අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් නිළධාන් පිරවුම් හලේ පිරිසක් ෙපැය දෙකකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් රඳවා තබා ගෙන සිටියදී පොලිසිය හා යුද හමුදාව හා ප්‍රාදේශිය ලේකම් සමග එක්ව ඔවුන් බේරාගෙන සැඟවු ඉන්ධන බෙදාදීමට කටයුතු කර කළේය. 23 June 2022
ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි ඉන්ධන නොලැබීමට කෝපයට පත් ජනතාව පංචිකාවත්ත ප්‍රදේශයෙන් මාර්ග වසා විරෝධය දැක්වූහ. 23 June 2022
රටබීම ඉල්ලුම සියයට 30කින් පහළට මත්පැන් සඳහා රටේ ඇති ඉල්ලුම ජනතාවගේ ආදායම් මට්ටම අඩුවීම නිසා සියයට 30කින් පමණ පහළ බැස ඇතැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත. 23 June 2022
ජී.එල් පිරිස් - නවසීලන්ත විදේශ අමාත්‍ය අතර හමුවක් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු,පළාත් පාලන අමාත්‍ය නනායා මහුටා මහත්මිය අතර හමුවක් රුවන්ඩාවේ කිගාලි නුවරදී ඊයේ (22) පැවැත්විණ. 23 June 2022
බටගොඩ ඩීසල් පෝලිමේ සිටි අයෙක් මරුට බටගොඩ ඉන්ධන පිරවුම්හලේ ඩීසල් ලබා ගැනීම සඳහා දින 5 ක් රැඳී සිටි ටිපර් රථ රියදුරෙකු එම රථය තුළදී මියගොස් ඇත. 23 June 2022
මෛත්‍රීගේ ප්‍රකාශයට එරෙහිව රතන හිමිගෙන් පැමිණිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැමිණිල්ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ. 23 June 2022
පෙට්‍රල් නැව ප්‍රමාද වෙයි ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාවක් හෙට (24) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 23 June 2022
ලන්ඩන් අපවහන නළයකින් පෝලියෝ විෂබීජ හමුවෙලා ලන්ඩන් අගනුවර අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියෝ වයිරස විෂබීජ හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි. 23 June 2022
ඉන්දිය දූත පිරිස මෙරටට පැමිණෙති ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ විශේෂ දූත පිරිසක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ . 23 June 2022
ඉඳුරුවෙන් හොර තෙල් තොගයක් මතු වෙයි ඉදුරුව යාලේගම ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි සලක් පවත්වාගෙන යන අයකු සිය ගබඩා කාමරයක බලපත්‍ර රහිතව සඟවා සිටි ඩිසල් ලීටර් 1490 සහ පෙට්‍රල් ලීටර් 176ක් සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි . 23 June 2022
මෙහෙමත් රටක් ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි පුද්ගලයකුගෙන් වැසිකිලි පහසුකම් ලබා දී රුපියල් 100 ක මුදලක් අය කරමින් වංචනික ලෙස මුදල් සුරාකෑමේ පුවතක් හෝමාගම ගොඩගම ප්‍රදේශයෙන් වාර්තා වේ 23 June 2022
ඉන්ධන බවුසරය ඇපයට ගනී පෙට්ටල් බලාපොරොත්තුවෙන් බණ්ඩාරගම නගරයේ ඉන්ධන හල අසල දින 5ක කාලයක සිෙ රැඳී සිටි පිරිසක් එම මාර්ගයේ ධාවනය කළ ඉන්ධන බවුසරයක් නවතා සිය භාරයට ගෙන පැය බාගෙට ආසන්න කාලයක් රඳවා ගෙන සිටියහ. 23 June 2022
දිසා කීපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) වැසි වාර කිහිපයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 June 2022
’’හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා’’ තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 23 June 2022
නිල ඇඳුමටත් නිගාවක් මැදිරිගිරිය ඉන්ධන පිරවුම් හලෙන් තම යතුරු පැදියට ලබාගත් ඉන්ධන මැදිරිගිරිය රෝහලේ සාත්තු සේවිකාවක ඊට මීටර් 20 පමණ දුරකට යතුරු පැදිය රැගෙන ගොස් එම ඉන්ධන සියල්ලම භූලියකට අදින අයුරු ඒ අසල සිටි පුද්ගලයකුගේ කැමරාවක සටහන් විය. 22 June 2022
අරගල භූමියේ ස්ථිර ඉදිකිරීම් මාස කීපයකට සිට ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් විරෝධතාවක නිරතව සිටින විරෝධතාකරුවන් අරගල භූමියේ ස්ථිර ඉදිකිරීම් කර ඇති ආකාරය දැකගත හැකිය. 22 June 2022
පෞද්ගලික බස් තුනෙන් දෙකක් වැඩ සමස්ත බස් රථ වලින් සීයට 75 ක් හෙවත් බස් රථ 9000 කට අධික ප්‍රමාණයක් දිවයින පුරා ධාවනයට පියවර ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 22 June 2022
භූමි කම්පාවෙන් මියගිය ගණන 1,000 පනී ඇෆ්ගනිස්තානයට අද (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පැවැසූහ. 22 June 2022
පුටින්ගෙන් මෛත්‍රීට ලිපියක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් එවා ඇති අතර, එරට ශ්‍රී ලංකා තානාපති යුරි මැටෙරි මහතා එය හිටපු ජනාධිපතිවරයාට අද (22) භාර දුන්නේය. 22 June 2022
රැට්ටා ඇතුළු හතක් රිමාන්ඩ් පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් රජයේ දේපලවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව පොලිසියට භාරවූ අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, සමාජ ක්‍රියාකාරී රතිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’ ඇතුළු සැකකරුවන් 07 දෙනකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 22 June 2022
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් ඇෆ්ගනිස්තානයට අද (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පැවැසූහ. 22 June 2022
ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර තිබේ. 22 June 2022
මාස හයකට පසු බේරුවලට ලාෆ් ගෑස් බේරුවල නගරයට මාස හයකට පසු ලැබුණු ගෘහස්ථ ලාෆ් ගෑස් තොගයක් බේරුවල පොලිසිය මැදිහත් වී බෙදාහැරීම බේරුවල පොලිසිය කළේය. 22 June 2022
කෝටි නවයක් වංචා කළ පිය - පුතු වසර 10 සිරගෙට ඕමානයට තේ කොළ අපනයනය කළ බවට සඳහන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි නමයකට අධික මුදලක් පෞද්ගලික බැංකුවකින් වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරුවනන් වු පිය පුතු දෙපළකට බරපතළ වැඩ සහිතව වසර 10 බැගින් සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය. 22 June 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026