(යොහාන් භාසුර)

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල යටතේ පාලනය වන සුරක්ෂා නිවාසයේ ශ්‍රී ලාංකික කාන්තාවන් 77 ක් මේ වන විට නේවාසිකව සිටින බවත් ඉන් කාන්තාවන් 12 ක් පමණක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතව ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

සෙසු සියලුම කාන්තාවන් වෙනත් ක්‍රම හරහා ඕමානයට පැමිණ ඇති බවත් මෙම කාන්තාවන් සියලු දෙනා විවිධ ආපදාවන්ට ලක්ව සහයෝගය බලාපොරොත්තුවෙන් පැමිණ සිටින බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.