(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දෙමළ  ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට සිටි නමුත් ජනපති උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා  ආරාධනා කර තිබෙන හෙයින් අයවැයට ඡන්දය දීමෙන්  වැළකී සිටීමේ තීරණයට එළඹි බව යාපනය  දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා (දෙ.ජා.සං) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා ආරාධනා තිබෙන වෙලාවේ අයවැයට විරුද්ධව ඡන්දය දීම හොඳ නැති බව සිතා ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ට සහභාගී වෙමින් එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.