
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙක්ගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
වසර 20 කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කම්කරු සහ සුභසාධන ප්‍රධානී නිපුන තිබ්බුටුමුණුව මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .
සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක කරන මෙම අධ්‍යයන චාරිකාව තුළ දී , මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල , ශ්‍රී ජයවර්ධන මහ රෝහල , කොළඹ පෞද්ගලික රෝහලක් , ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් පිළිබඳවෙ පර්යේෂණයක නිරත වීමට නියමිතය .
සිංගප්පූරුව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය සමාගම් මගින් ක්‍රියාත්මක වන අතර මෙසේ රැගෙන යාමට නියමිත ශ්‍රී ලාංකික හෙදියන් ද දැනට රාජ්‍ය රෝහල් තුළ සේවය කරන හෙදියන්ගෙන් තෝරා ගැනීමට නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට ඉංග්‍රීසි ප්‍රශ්නයක් නැතෙයි
හරි සතුටු ඇති 4000ක් යවලා එන ඩොලර් ගාන ගණන් කරන්න.
සින්ගප්පුරුවෙ බාසාව නොදන්න අය එහෙ ගිහින් හෙදියන් වශයෙන් සේය කරන්නෙ කොහොමද ?