IMG-LOGO

මෙරට හෙදියන් 4000සකට සිංගප්පූරු රැකියා වරම්

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙක්ගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා  කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

වසර 20 කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කම්කරු සහ සුභසාධන ප්‍රධානී නිපුන තිබ්බුටුමුණුව මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .

සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක කරන මෙම අධ්‍යයන චාරිකාව තුළ දී , මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල , ශ්‍රී ජයවර්ධන මහ රෝහල , කොළඹ පෞද්ගලික රෝහලක් , ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් පිළිබඳව‍ෙ පර්යේෂණයක නිරත වීමට නියමිතය .

සිංගප්පූරුව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය සමාගම් මගින් ක්‍රියාත්මක වන අතර මෙසේ රැගෙන යාමට නියමිත ශ්‍රී ලාංකික හෙදියන් ද දැනට රාජ්‍ය රෝහල් තුළ සේවය කරන හෙදියන්ගෙන් තෝරා ගැනීමට නියමිතය .



අදහස් (3)

මෙරට හෙදියන් 4000සකට සිංගප්පූරු රැකියා වරම්

Kierthi Wednesday, 23 November 2022 08:35 AM

ඒ අයට ඉංග්‍රීසි ප්‍රශ්නයක් නැතෙයි

:       2       2

sharm warn Wednesday, 23 November 2022 09:27 AM

හරි සතුටු ඇති 4000ක් යවලා එන ඩොලර් ගාන ගණන් කරන්න.

:       5       7

nimalasiri Wednesday, 23 November 2022 01:29 PM

සින්ගප්පුරුවෙ බාසාව නොදන්න අය එහෙ ගිහින් හෙදියන් වශයෙන් සේය කරන්නෙ කොහොමද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 68 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site