
(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
පාසලේ පන්ති කාමරවලට කඩා වදින රිලව් රංචු පාසල් දරුවන් හපා කන බවත් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දිවා ආහාර පාර්සල් අවුස්සා පොත් සහ බෑග් ඉරා දමන බව හම්බෙගමුව ප්‍රාථමික විද්‍යාලයේ මව්පියෝ පවසති.
එසේ පන්ති කාමරවලට එන රිලවුන් පන්නා දැමීමට ක්‍රියාකරන ළමයින්ගේ ඇඟට පැන සපා කන්නේ යැයි ද මව්පියන් කියයි.
‘මේක අපිට හරිම කරදරයක්. පන්තියකින් එළියට යන්න බෑ. පන්ති කාමරයට රිලව් රිංගනවා. ළමයින්ගේ පොත් බෑග් අවුස්සනවා. බෑග්වල කෑම පාර්සල් තිබුණොත් ඒවා කනවා. ගුරුවර ගුරුවරියන්ගේ අත් බැගයක් කොතනකවත් තියන්න බෑ. ඒවායේ තියන ඒවා අදිනවා. පොත්පත් ඉරාදානවා. තනියම පොඩි ළමයෙක් අහුවුනොත් පැනලා හපා කනවා. හපා කෑවොත් විදින්න බේත් නෑ. පළමු වෙනි බේත මහ රෝහලික් විදින්න ඕනෑ. ළඟම මහ රෝහල කිලෝමීටර් පනස් දෙකක් ඈත තියන බළන්ගොඩ ඕලුගන්තොට රෝහල. නැත්නම් ඇඹිලිපිටිය දිසා මහ රෝහල. දෙවෙනි බේත තමයි හම්බෙගමුවේ තියෙන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපිට හරිම කරදරයක්නම් පාසලේ පන්ති කාමරවලට කඩා වදින රිලව් රංචු පාසල් දරුවන් හපා කන බවත් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දිවා ආහාර පාර්සල් අවුස්සා පොත් සහ බෑග් ඉරා දමන්නේනම් මව්පියෝ / ගුරුවරු වසයෙන් ඔබලා රජයෙන් බලාපොරොත්තුවන විසදුම කුමක්ද ?සමගි ජනබලවේගයේ නායක සජිත් පාසල්වල පවතින ගැටළු විසදීම සදහා විසදුම් ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.
ඔය පැත්තේ අයනේද කියත්මගේ කෙනෙක් පාර්ලිමේන්තු යැව්වෙ. එයාට කියලා බලන්න ජනාධිපතිගෙ වරදක් කියන්නෙ නැද්ද කියලා.?
ගලෝපු සාරි වලින් රිලව් අල්ලන්න බැරිද?!