(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය විසර්ජන පනත් කෙටුම්පත(2013) දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ(22) පස්වරුවේ සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 84 ක් පමණි.
තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී විග්නේෂ්වරන් පනතට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඩලස් පිළ, විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියහ.
COMMENTS
කොච්චර කියෙව්වත් ඔච්චර තමයි.
කුහක කම ,ආත්මාර්ථකාමීත්වය .කොයි දේටත් විරුද්ධවීම වන අප සමාජය තුල කාටත් පොදු වූ අදීන ගති පැවතුම් තිබුනත් රට අනාගහයට ගෙන යා යුතුමයි .අප ඉදිරියේ ඇති අපරිමිත ආර්ථික ප්‍රශ්නයට මුහුණ දීමට ප්‍රතිපත්ති සමුහයකට අවශ්‍ය වන්නාවූ මේ ප්‍රයෝගික අය වය සම්මත කිරීම.225 දෙනාගෙන් බහුතරය චන්දය දීමෙන් ජනතාව වන අපට හෙට ගැන කිසියම් බලාපොරොත්තුවක් තැබීමටත් එය වෙනුවනේ කිසියම් ස්ව ප්‍රතිපත්තියක් (පටි තද කිරීමක් ) උපකාරය වෙනවා .නැත්නම් පුතානෝ සහ 3% කියනා පරිදි අද කාලා නටලා හෙට මැරෙමු
ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානයත්, ඩිල් එකක් ගහලද ?