(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ මෙට්‍රික්ටොන් 7,000 ක පමණ ප්‍රමාණය අඩු ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ලබාදීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරති.
මෙම යකඩ තොගය විකිණීමට මීට වසර දෙකකට පමණ පෙර කැඳවා තිබූ ටෙන්ඩරයේ ක්‍රියාවලියේ අඩු පාඩුවක් හේතුවෙන් එවකට ප්‍රවාහන අමාත්‍යවරයා එම ටෙන්ඩරය අවලංගු කළ බවත් එහිදී යකඩ කිලෝවකට රුපියල් 65 ක ලංසුවක් ඉදිරිපත්ව තිබූ බවත් වෘත්තිය සමිති කියයි.
කෙසේ වෙතත් මෙවර යකඩ කිලෝවක් රුපියල් 42 කට අළෙවි කිරීමට සූදානම් වන බවත් එසේ වුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක පාඩුවක් වන බවත් වෘත්තිය සමිති වැඩි දුරටත් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සරළ ප්‍රශ්නයක් නෙ. දෙපාර්තමේන්තුවට පාඩු වුණා ට මොකද වැඩේ කරන අයගෙ බැංකු ගිණුම් පිරෙනවනම්. මේත තමයි දන්න කාලෙ ඉඳන් අපේ රටේ වෙන්නෙ . දේශපාලනය කරන අයගේ සිට රජයේ ආයතනවල කම්කරුවා දක්වා හොරකම් කරනවා.
පොලිසිය, අල්ලස් කොමිසම, ඔඩිටර් ජෙනරාල් හරියට වැඩේ කරන්නේ නැතිනම්, රජයට ලැබෙන්න තියෙන ආදායම නැතිකරන් රාජ්‍ය සේවයේ ඉන්න කාලකන්නි ටිකට ගහමු...! නැතිනම් වෙන්නේ ඔවුන් හොරාකන ඒවාට ඔබට, මට ඔබේ දරුවාට වන්දි ගෙවන්න...
වීරවංශයත් එක සැරයක් මේ හොර වැඩේ කළා...
දකුණේ මාර්ග හදද්දී ඔරිජිනල් එංගලන්තයේ වානේ පීලි ගැලෙව්වේ... ඒවාට මොකද වුණේ? බාල ඉන්දියන් පීලි දාලා අවුරුදු 10ක් දිව්වේ නැහැ....