(ඉන්දිකා රාමනායක)
බෑණාගේ නමින් ඇති වියළි ආහාර ආධාර මල්ලක් ලබා ගැනීමට යාමේ දී ඇති වු ආරවුලක් මත බෑනා සිය බිරිඳට සහ නැන්දම්මාට එල්ල කළ පිහි පාරකින් නැන්දම්මා මියගොස් ඇතැයි තෙරිපැහැ පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ (27) හැවිරිදි බෑනා සැඟව සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මරණකාරියගේ දියණිය සිය සැමියාගෙන් වෙන්වී මව සමග මවගේ නිවසේ ජීවත්ව සිට ඇති අතර, ආර්ථික අපහසුතා වෙනුවෙන් රජය මගින් ලබාදෙන වියලි ආහාර මල්ලක් ලබාගැනීමට තෙරිපැහැ හෙලගම ග්‍රාම නිලධාරී නිලධාරි කාර්යාලයට ගිය අඅවස්ථා වේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය කියයි.
සැකකරුගේ නමින් ඇති අධාර මල්ලක් මව සහ දියණිය ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී බෑනා සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහු සඟවා ගෙන සිටි පිහියෙන් මවට සහ දියණියට පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.
පිහිපහරින් බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය තෙරිපැහැ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (50) හැවිරිදි මව මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd