වඳුරු උණ මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් වෛරසයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බව එංගලන්තය ඉකුත් අඟහරුවාදා ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ දත්ත වාර්තා පෙන්වා දෙයි.

වඳුරු උණ මර්දන එන්නතෙහි ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය පිළිබඳ ලැබුණු ප්‍රබලම සාක්ෂිය මෙය බව එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පවසා ඇත.

විශ්ලේෂණය මගින් ජූලි 4 සිට නොවැම්බර් 3 වැනිදා දක්වා බවේරියන් නොර්ඩික් වඳුරු උණ මර්දන එන්නතේ දත්ත වාර්තා විශ්ලේෂණය කර ඇතැයි එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පෙන්වා දී තිබේ.

එන්නත් කිරීමෙන් දින 14 කට පසු පළමු එන්නත් මාත්‍රාව වඳුරු උණ රෝගයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බවත් දෙවන එන්නත් මාත්‍රාව ඊටත් වඩා විශාල සහ දිගුකාලීන ආරක්ෂාවක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත.