(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නරේන්ද්‍ර සිංහ රජතුමාත් එකල රටේ නීතියට අවනත වී වැලි ගෝනි 25ක් පිටේ තබාගෙන පත්තිනි දේවාලයට පැමිණි නමුත් වර්තමානයේ ජනාධිපති ධුරය රටේ නීතියට යටත් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

නරේන්ද්‍රසිංහ රජු උඩරට නීතිය උල්ලංඝනය කර ඇතැයි රාජ සභාව තීරණය කළ අවස්ථාවක එවිට ඊට දඬුවමක් බාරගන්න සූදානම් බව නරේන්ද්‍රසිංහ රජු පැවසු බවද පත්තිනි දේවාලයේ අලුත්වැඩියා කටයුතු සඳහා වැලි ගෝනි 25ක් පිටේ තියාගෙන යන්නැයි රාජ සභාව රජුට දැනුම් දුන්න අතර  රජු ඒ අනුව දඬුවම ගෙවා දැමු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

එදා රජතුමාට වුණත් දඬුවම් කරන්න පුළුවන් නීතියක් රටෙි තිබුනත් රටේ නායකයා නීතියට යටත් නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

2023 අයවැය කාරක කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කීය.

ජනාධිපති,අග්‍රාමාත්‍ය  කාර්යාලය, උපරිමාධිකරණ වල විනිශ්චයකාරවරු ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය මෙ දින පැවැත්විණි.