ඩී.පී.ට එරෙහි පෙත්සම් පහම විභාගයට නොගෙනම ඉවතට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුම්රුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය. 21 June 2022
ලබන සතියේ ඉන්ධන පෝලිම් අඩුවේවි පවතින ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට හෝ පාලනය කිරීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය, මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
පෑලියගොඩ කුණු කඳු පළාත්ම ගඟ ගසයි පෑලියගොඩ පළතුරු වෙළෙපොලේ ඉතිරි පළතුරු සහ කැළිකසල මාස දෙකකට ආසන්න කාලයකින් ඉවත් නොකිරීම නිසා එම පරිශ්‍රය තුළ කුණු කඳු ගොඩගැසී තිබේ. 21 June 2022
තෙල් පෝලිමේ සිටි පිරිසට සුවනෙත හෙදියන්ගෙන් සංග්‍රහයක් ගොතටුව, ඉන්දියන් තෙල් සමාගමට අයත් පිරවුම්හල අසල අද (21) දිනයේත් දිගු පෝලිම් පැවති අතර, දින ගණනක් එම පෝලිමේ රැඳී සිටි පිරිස් වෙනුවෙන් ඒ අසල ඇති ‘සුවනෙත’ පෞද්ගලික අක්ෂි රෝහලේ කාර්ය මණ්ඩලය සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. 21 June 2022
වී අලෙවි මණ්ඩලයෙන් අලුත් හාලක් වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින’PMB Rice’’ලබන සතියේ කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
පැය දෙකහමාරක විදුලි කප්පාදුව තවත් දින දෙකක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ හෙට සහ අනිද්දා (22 සහ 23) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පැවසීය. 21 June 2022
මැනිං මාකට් එකේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට පෑලියගොඩ මැනිං වෙළඳපොලේ පලතුරු වෙළෙඳ සලක් අසල දී වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය 21 June 2022
යලට පොහොර 6 වැනිදා මෙරටට යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 65,000 ක පොහොර තොගයක් ලබන මස 6 වැනිදා මෙරටට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
පොදු රාජ්‍ය මණ්ඩලයට ජනපති වෙනුවෙන් ජී.එල් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද(21) සිට එළඹෙන 25 දක්වා රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වේ. 21 June 2022
ඉන්ධන ගැටළුවෙන් පාර්ලිමේන්තුව සීමා වෙයි ඉන්ධන ප්රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තුව මේ සතියේ දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 21 June 2022
පොලිසියේ ඉල්ලීමට අධිකරණයෙන් අවසර සමගි වනිතා බලවේගය විසින් අගමැති නිල නිවස ඉදිරිපිට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පවත්වන ලෙසට විරෝධතාකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (21) අවසර ලබා දුන්නේය. 21 June 2022
සරුංගල් අරින්න ගිය සිසුවාට මුරකරු වෙඩි තියලා කැකණදුර මොටාගෙදර දොලහේන වත්තේ සරුංගල් යැවීම සදහා මිතුරකු සමග ගිය 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 21 June 2022
දුම්රිය ඉඩම් වගාවට දෙයි දුම්රිය මාර්ග දෙපස ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වගාකිරීම සඳහා වසරක පදනම යටතේ ජනතාවට ලබාදීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 June 2022
මැදිරිගිරියට දින 10කින් ආ තෙල් බෙදා ගන්න ගිහින් ගුටි කෙලි මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සදහා පැමිණී පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි. 21 June 2022
ආණ්ඩුව ගැන අප්‍රසාදයෙන් සිටියත් පාර්ලිමේන්තුව වර්ජනය කරන්නෙ නෑ ආණ්ඩුවේ වගකීම් විරහිත ගමන ගැන අප්‍රසාදය එහෙමම තිබුණත් ජනතාව වෙනුවෙන් අදහස් පළ කරන්නට තිබෙන පාර්ලිමේන්තුව වර්ජනය කර නිවාඩු ගන්නට සූදානම් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 June 2022
සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන පිරවුම්හල් 74 ක් දිවයින පුරා පිහිටි පිරවුම්හල් 74කදී සෑම සිකුරාදා දිනකම සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වාහන සඳහා ඉන්ධන ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 21 June 2022
මේ වැනි දිසාපාමොක්ලා කොහි වෙයිද? උග්‍ර පෙට්ල් හිඟය නිසා පාසල් යාමට ප්‍රවාහන පහසුකම් නොමැති සිසු දරුවන් සමග කිලෝමීටර 15 - 16 අත්ට්‍රැක්ටරය පදවාගෙන පාසල් යන ගුරුවරයකු පදවිය මෛත්රිපුරින් අපට 20 දා අනාවරණය විය. 21 June 2022
විසි එකේ වගන්ති ගණනාවක් ව්‍යවස්ථාවට පටහැනියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21) දැනුම් දුන්නේය. 21 June 2022
නන්දලාල්ට දිගටම මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 21 June 2022
එතෙර රැකියාවට යන කාන්තාවන්ගේ වයස් සංශෝධනය කෙරේ ගෘහ හා ගෘහ ආශ්රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 June 2022
මුතුරාජවෙල අක්කර 10ක් විදුලිබල මණ්ඩලයට මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 21 June 2022
ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 June 2022
සජබ පාර්ලිමේන්තුව වර්ජනය කර සභා ගැබෙන් පිටව යයි ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය. 21 June 2022
අගමැති යෝගා දිනය සමරයි ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි. 21 June 2022
පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි. 21 June 2022
බදුල්ලෙයි - පොලොන්නරුවෙයි වෙනස තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්‍රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසක් සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කළේය. 21 June 2022
දින වෙනස් කරන්න ගිය ටින් මාළු තොගයක් අල්ලයි කල් ඉකුත් වීමට ආසන්න ටින්මාඵ තොගයක නිෂ්පාදන දිනය සහ මිළ ගණන් වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් අති බව පැවසෙන ටිං මාඵ තොගයක් අද (20) සවස අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි නිළධාරී කාර්යාලය කියයි. 21 June 2022
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 June 2022
වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 20 June 2022
නොමිනිස්කම මැද අතරමං වූ රුසියානුවා සිය රටට පිටත් වීම සඳහා හපුතලේ සිට ගුවන්තොටුපළට යාමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ආ රුසියානු සංචාරකයකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා රුසියානු ජාතිකයා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලේ ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වෙයි. 20 June 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026