(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත.
ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ.
එම පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (21) සවස රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු පත්කර ඇතැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙත්‍රීපාල සිරිසේන එලවන්නෙ නතිද ? එයා තමා 2015 දි යටිකුට්ටුවැඩ කරල දිනන්නබැරුව හිටපු නයකයෙක් බලයට ගෙනල්ල, මහබැංන්කුව කොල්ලකන්න දුන්නෙ. ඒ් විතරක් නෙමේ,ප ැය 24 න් සියලුම බලතලත් අගමැතිට පවරන්න තමා පොරොන්දුවෙලා හිටියෙ. අපවත්වුනු සොභිත හමුදුරුවන්ගෙ බනුමෙන් තමා එක නතරඋනේ. එ විතරක්ද එයාගෙ එ අවුරුදු 5 ට ඩොලර් බිලියන 12 ක් නය ගත්ත, වරාය විකුනල තව ඩොලර් බිලියන 1.1 ක් ගත්ත. මොනවද රටට කලේ ? එ සියල්ලෙන්ම තම රට වැටෙන්න පාර කැපුනෙ. එයා ඉන්නකම් පක්ශය නැවත ගොඩගන්න බැහැ.
අනෙ අපිට මොකඩ. . මෙ නාකි හුටස් පටස් ටික රට කාලා තියෙන එ් පක්ශයක් නොකා ඉදියි කියලා කාටද කියන්න පුලුවන්? පක්ශ වල යුද්ද අපිට වැඩක්ම නෑ. . අපිට රටෙ ආර්ථිකය ගොඩ ගන්න යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ..
ඔය පක්සෙ හැමදාම පිටිපස්සෙන් පිහියෙන් ඇන්න කුහක පක්සයක්, C. P ද සිල්ව ගෙ ඉඩන් අනුර බන්ඩාරනායක වෙනකන්ම
පුරා වසර 17ක කාලයක් පරාජය වෙමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ජයමාවතට ගෙන ආවේ කවුද කියා දැන් කාටත් අමතක වෙලා වගෙයි. චන්ද්‍රිකාගේ වැරදි නැතුවා නෙවේ. නමුත් අද පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රී ලංකා පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ බොහෝ දේශපාලඥයින් පාහේ ඇය විසින් දේශපාලනයට ගෙන ආ කට්ටිය නොවේද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ ඉන්දවුයේද චන්ද්‍රිකාගේ මැදිහත්වීම නිසා බව පැහැදිලිය. කන්න දුන් අත් දෙකම හපා කෑමට කප් ගසා ඇති මිනිසුන්ට අතීතය අමතක වීම අරුමයක් නෙවේ.
චන්ද්‍රිකා හැර අනික් සියලු දෙනා යූ.එන්.පී යෙන් පැන්න අය.චන්ද්‍රිකා ශ්‍රීලංකා එක කඩාගෙන මහජන පක්ෂය හදපු කෙනා
ඔක්කොම එකයි. රට කාලා විනාශ කරලා අපිට හපේ විතරයි දැන් ඉතුරු.
යහපාලනයක් හදලා ජනාධිපති වශයෙන් යෝජනා කර ඉදිරියට ගෙනත් මහ පුටුවේ ඉන්දුවට හොදට සළකලා තියෙනවා.
කොහොමද පන්නලා තියෙන්නේ.?