IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චන්ද්‍රිකා - නිමල් පක්ෂයෙන් පන්නයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත.

ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (21) සවස රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු පත්කර ඇතැයිද ඔහු කීය.

 



අදහස් (11)

චන්ද්‍රිකා - නිමල් පක්ෂයෙන් පන්නයි

Senarath Tuesday, 22 November 2022 09:29 AM

මෙත්‍රීපාල සිරිසේන එලවන්නෙ නතිද ? එයා තමා 2015 දි යටිකුට්ටුවැඩ කරල දිනන්නබැරුව හිටපු නයකයෙක් බලයට ගෙනල්ල, මහබැංන්කුව කොල්ලකන්න දුන්නෙ. ඒ් විතරක් නෙමේ,ප ැය 24 න් සියලුම බලතලත් අගමැතිට පවරන්න තමා පොරොන්දුවෙලා හිටියෙ. අපවත්වුනු සොභිත හමුදුරුවන්ගෙ බනුමෙන් තමා එක නතරඋනේ. එ විතරක්ද එයාගෙ එ අවුරුදු 5 ට ඩොලර් බිලියන 12 ක් නය ගත්ත, වරාය විකුනල තව ඩොලර් බිලියන 1.1 ක් ගත්ත. මොනවද රටට කලේ ? එ සියල්ලෙන්ම තම රට වැටෙන්න පාර කැපුනෙ. එයා ඉන්නකම් පක්ශය නැවත ගොඩගන්න බැහැ.

:       32       49

[email protected]Tuesday, 22 November 2022 01:25 PM

නොකිය කියන්න උත්සහ කරන්නෙ රජ පවුල එක්ක ඉන්න තිබ්බ කියල නේද. අහෝ වහල්ලු.

:       30       28

Rohan PereraTuesday, 22 November 2022 02:13 PM

2015 වෙනස නොවෙන්න අද මුලු රටම මැදමුලනෙ වලන් හෝදදන්නෙ

:       19       38

Deepal NiroshWednesday, 23 November 2022 09:23 AM

මහින්ද මහත්තයගෙ ආණ්ඩු කාලෙත් මීට වඩා අඩු ඩොලර් බිලියන ගණනක් ණය ගත්ත. ඒ මුදලින් මහජනතාව නො ඉල්ලුවත් රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කළා. මුදලින් කොටසක් පවුලේ සැම හා වටා සිටි රාජ්‍ය තිලධාරි පැළැන්තිය බෙදා හදා ගත්ත. මේ සේරම ඇස් දෙකට පේන්න තියනවා. ඒත්..... මේ යහපාලනය යටතේ මෛත්‍රීපාල මහත්තයාගෙ ආණ්ඩුව ගත්තු ඩොලර් බිලියන ගණනට මොකද වුනේ කියලවත් පේන්නෙ නැහැ. දන්න කෙනෙක් පැහැදිලි කරමුද?

:       2       2

sharm warn Tuesday, 22 November 2022 09:31 AM

අනෙ අපිට මොකඩ. . මෙ නාකි හුටස් පටස් ටික රට කාලා තියෙන එ් පක්ශයක් නොකා ඉදියි කියලා කාටද කියන්න පුලුවන්? පක්ශ වල යුද්ද අපිට වැඩක්ම නෑ. . අපිට රටෙ ආර්ථිකය ගොඩ ගන්න යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ..

:       0       59

Rohan Perera Tuesday, 22 November 2022 02:11 PM

ඔය පක්සෙ හැමදාම පිටිපස්සෙන් පිහියෙන් ඇන්න කුහක පක්සයක්, C. P ද සිල්ව ගෙ ඉඩන් අනුර බන්ඩාරනායක වෙනකන්ම

:       2       33

siri Tuesday, 22 November 2022 04:54 PM

පුරා වසර 17ක කාලයක් පරාජය වෙමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ජයමාවතට ගෙන ආවේ කවුද කියා දැන් කාටත් අමතක වෙලා වගෙයි. චන්ද්‍රිකාගේ වැරදි නැතුවා නෙවේ. නමුත් අද පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රී ලංකා පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ බොහෝ දේශපාලඥයින් පාහේ ඇය විසින් දේශපාලනයට ගෙන ආ කට්ටිය නොවේද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ ඉන්දවුයේද චන්ද්‍රිකාගේ මැදිහත්වීම නිසා බව පැහැදිලිය. කන්න දුන් අත් දෙකම හපා කෑමට කප් ගසා ඇති මිනිසුන්ට අතීතය අමතක වීම අරුමයක් නෙවේ.

:       1       1

Prabha Tuesday, 22 November 2022 09:47 PM

චන්ද්‍රිකා හැර අනික් සියලු දෙනා යූ.එන්.පී යෙන් පැන්න අය.චන්ද්‍රිකා ශ්‍රීලංකා එක කඩාගෙන මහජන පක්ෂය හදපු කෙනා

:       0       0

Perera Wednesday, 23 November 2022 03:18 AM

ඔක්කොම එකයි. රට කාලා විනාශ කරලා අපිට හපේ විතරයි දැන් ඉතුරු.

:       0       2

kamal dasanayaka Wednesday, 23 November 2022 04:45 AM

යහපාලනයක් හදලා ජනාධිපති වශයෙන් යෝජනා කර ඉදිරියට ගෙනත් මහ පුටුවේ ඉන්දුවට හොදට සළකලා තියෙනවා.

:       0       2

Bunny Preena Wednesday, 23 November 2022 09:03 AM

කොහොමද පන්නලා තියෙන්නේ.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site