(ඉන්දිකා රාමනායක)
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් තණමල්විල ගලපිටිගල ප්‍රදේශයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු වී ගල්තලාවක කොටසක කැනීම් සිදුකරමින් සිටි හිමිවරුන් තිදෙනකු ඇතුලු සැකකරුවන් 6 දෙනකු තණමල්විල පොලිසිය විසින් අද (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් හිමිවරු තිදෙනා අතර විහාරාධිපති හිමිනමක් ද සිටින බව පොලිසිය කියයි.
පිරිස ගල්තලාවක කොටසක කැණිම් සිදුකරන බවට තණමල්විල පොලිසියට ලද තොරත-රකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
නිධන් ගැනීම සදහා සැකකරුවන් විසින් රැගෙන ආ පූජා භාණ්ඩ, කැවිලි වර්ග, මල් පහන්, කැණීම් සදහා යොදාගත් උදලු 3 ක්, අලවංගු 3 ක්, හා සැකකරුවන් මෙම ස්ථානයට පැමිණ සිටි කැබ් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
බලන්න ඔතන වැරදිලාවත් අපේ නායකතුමා ඉන්නවද කියලා.?