IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වීර, පලු,බුරුත බුරුතු පිටින් බිම හෙලන්න අවසර දුන්නේ කවුද

(නිමල් ජයරත්න)

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව සූරියවැව ආසන්නයේ ඇති  වන රක්ෂිතයේ වීර, පලු, බුරුත, ඇතුළු වටිනා  ශාක දින කිහිපයක සිට විශාල යන්ත්‍ර සූත්‍ර යොදා වනසමින්න සිටින බව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ සූරියවැව ගොවි නියෝජිතයෝ සඳහන් කරති.

එහෙම රක්ෂිතය විනාශ කිරීමත් සමඟ එහි සිටින මුවන් ගෝනුන් හා වල් අලින් ඇතුළු අනෙකුත් සතුන් ගම්ව වැදී ජන ජීවිතයට හා දේපළට හානි කරන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වනජීවී දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම රක්ෂිත ඉඩම් අක්කර 1500 ට වැඩි ප්‍රමාණයක් බඩ ඉරිගු වගාව සදහා ආයෝජකයන්ට ලබාදී ඇති බවත් ඔවුන් හිතුමනාපයේ මෙම රක්ෂිතය වනසා විශාල ජාවාරම්ක් සිදු කරන බව ද ගම්වාසීහු පෙන්වා දෙති

රක්ෂිතයකින් උදලු මිටක්වත් කපා ගැනීමට යෑමට ඉඩ ලබා නොදෙන අවස්ථාවක කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඩෝසර් ඇතුළු යන්ත්‍රසූත්‍ර දමා වටිනා රක්ෂිත විනාශ කිරීම විමතියට කරුණක් බවත්, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි සූරියවැව හිටපු ගොවි සංවිධාන සභාපති එස්.ඒ. සමරසිංහ මහතා සඳහන් කළේය.

ඩෝසර් දමා විනාශ කරන මෙම රක්ෂිතය අලි කොරිඩෝවක් හැටියට නම් කර ඇති බවත්, සෝමාවතී සහ මාදුරුඔය අතර අලින් එහා මෙහා ගමන්කරනු ලබන්නේ මෙම රක්ෂිතය හරහා බවද ගම්වාසීන් සඳහන් කරති'

මෙම රක්ෂිතයේ විනාශය පිළිබඳ අප මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී  තමන්ට එම භූමිය අයත් නොවන පැවැසීය.

ඉන් අනතුරුව මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය සංගම‍යේ සභාපති අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විනාශ වෙමින් පවතින්නේ අලි සංක්‍රමණය වන රක්ෂිතයක් බවත්, මෙම තත්තවය නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වීමේ විශාල අවධානමක් පවතින බවත්, ඒ තුළින් ජීවිත හා දේපොළ හානි සිදුවිය හැකි බවයි,

මේ පිළිබඳ ප්‍රදේශයේ සංඝරත්නය සහ ගොවි ජනතාවගේ දැඩි විරෝධයක් පවතින බවත්, තමන් වනජීවී වෘත්තීය සංගමයේ සභාපතිවරයා හැටියට මෙම විනාශය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 



අදහස් (12)

වීර, පලු,බුරුත බුරුතු පිටින් බිම හෙලන්න අවසර දුන්නේ කවුද

බද්රානි Monday, 21 November 2022 07:33 PM

"අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ" දැන් ඉතින් වෙන්න ඕනා හරිය වෙලා ඉවරයි. ලෝකල් හිට්ලර් ලව, ලෝකල් පුටින් ලව බලයට ගෙනාපු අයට, ඒ විනාශකාරී හොර කල්ලියෙන් මීට වඩා යමක් බලාපොරොතු වෙන්න බැහැ. දැන් ඉතින් දුවලා ගිහින් බැකෝ යන්ත්‍රය අත් අඩංගුවට ගනීවි. මේවට නාහෙන් අඬලා පලක් නැහැ. බල්ලන්ට ගිය රටේ නීතිය බල්ලන්ට සාධාරණ උනත් ස්වභාවධර්මයට නම් සාධාරණයක් ඉටුකරයි කියල හිතන්න බැහැ. මම නම් කියන්නේ මේ කාපාලුවන්ට ස්වභාව ධර්මය විසින්ම දඬුවම් දෙයි. මොකක්දෝ කරුමයකට මේ සුන්දර භුමිය අසමත් තුප්පහි ජාතියකට හිමිවෙලා තියනවා. අනාගතයේදී ඒ ගැටලුව ස්වභාව ධර්මයා විසින්ම විසඳයි කියලා ප්‍රාර්ථනා කරනවා!!

:       0       22

AB Monday, 21 November 2022 07:35 PM

ලංකාවේ පරිසර නීති දැඩි කර පරිසරයට හානි කරන්නන් සදහා නිතිය තදින්ම ක්‍රියාත්මක කලයුතුවේ. මෙම ප්‍රදෙස තුල වෙසෙන ජනතව ඔවුන්ගේ පරිසරය ඔවුනට ආරක්ෂා කිරීමට හැකි පරිදි ප්‍රදේශය මට්ටමින් යම් නීති පනගන්විය යුතුවේ. ලංකාවේ පරිසර නීති දැඩි කර පරිසරයට හානි කරන්නන් සදහා නිතිය තදින්ම ක්‍රියාත්මක කලයුතුවේ. මෙම ප්‍රදෙස තුල වෙසෙන ජනතව ඔවුන්ගේ පරිසරය ඔවුනට ආරක්ෂා කිරීමට හැකි පරිදි ප්‍රදේශය මට්ටමින් යම් නීති පනගන්විය යුතුවේ. දෙවනුව ලංකාවේ පනිය ජලබෝතල් සමාගම් අදීක්ෂණය කර ඒ සදහා දැඩි නීති පැනවිය යුතුවේ. එසේ නොවන්නට ඇමෙරිකාවේ california ප්‍රාන්තයේ මෙන් දැඩි ජල හිගයක් මතුවනු ඇත. ජලබෝතල් කිරීම මගින් ඉතා සුළු පිරිසක් කොටි ගණන් මුදල් ඉපයීම කලද අවසානයේ සමස්ත රටම දැඩි ජාල හිගයක් මතිවීමේ අවදානමක් සහ මෙම ජලබෝතල් කිරීම් කිසිවකුට නොදැනෙන නොපෙනේනාවූ අතිශය බරපතල පරිසර හානියකි.

:       1       14

Dahanayaka Monday, 21 November 2022 11:35 PM

මේ යන්ත්‍ර සූත්‍ර යොදා මේ දේ කරනකම් ගමේ අය බුදිද.?

:       0       11

විජේ Tuesday, 22 November 2022 12:13 AM

අමරවීර, අමරවීර, අමරවීර, අමරවීර...........

:       0       14

කපිල Tuesday, 22 November 2022 06:33 AM

මහා සංඝරත්නය එක්ක නම් මේ රට දියුණු කරනව බොරු

:       20       4

විජේ Tuesday, 22 November 2022 03:31 PM

කැලෑ එලිකිරීම හරිද එතකොට? අං ඇවිල්ලද කපිල?

:       1       4

කපිල Wednesday, 23 November 2022 08:27 AM

අං එන්න ලකුණු තියෙනවා දැනට ඔලුවෙ දෙපැත්තම තදින්ම කහනවා ඉක්මනින් අං එයි නේද විජේ.?

:       1       0

Perera Tuesday, 22 November 2022 06:35 AM

කීයක්හරි අමාරුවෙන් හම්බකරගන්න හදනකොට අකුල් හෙලනවා.

:       4       4

sharm warn Tuesday, 22 November 2022 09:36 AM

මෙක කරපු , කරන්න උඩව් කරපු සහ මෙකෙන් ආදායම් අරගෙන ලාභ ලබපු හැම එකෙකුටම. .මෙ කරන අපරාදය පල දෙන්නම ඔන.. ( මෙහෙම කියන්න මම කැමති නෑ.. නමුත් මෙ අපරාධය බලගෙන කට වහගෙන ඉන්න අමරුයි. . )

:       2       12

චන්දිම Tuesday, 22 November 2022 10:04 AM

අනේ ඇත්තට ආසාවට වත් බැහැනේ බලන්න මේ රටේ මේ රටේ මේ වගේ අපරාධයක් කරන්න ඉඩ දීපු අයට දඬුවම් කළා කියලා පුවතක් අහන්න.

:       0       11

Bunny Preena Tuesday, 22 November 2022 11:16 AM

බලයට පත් වුනු හැම ආණ්ඩුවක්ම කිසිම අඩු වැඩියක් නැතුව වන විනාශයක් සිදු කළා. වංචා සහ දුෂණ කළා.

:       0       8

රුවන් Sunday, 04 December 2022 06:24 AM

සිමිත රඡයේ නිළධාරින්‍‍ පිරිසකගේ පටු වාසි තකා කරන වැඩ වන අලි ටික එළියට දාලා උන් වටේට වැට ගහනවා දැනටමත් අසරන මිනිස්සුන්ගේ නිවාස වගා කොචිචර විනාශ කරලද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site