සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය.
භූමි කම්පාවේ ප්‍රබගත්වය සහ එය හටගත් ස්ථානය සැලකිල්ලට ගනිමින් අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණි. භූමි කම්පාවෙන් නිවාස සහ දේපොල රැසකට හානි සිදුවිය.
තත්පර 20 ක් තිස්සේ භූමි කම්පාව පැවැති අතර සොලමන් දූපත් වැසියන් මහත් සේ බියට පත් වුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හානි හෝ තුවාල ලැබූවන් ගැන හෝ තවමත් කිසිවක් වාර්තා වී නැත.
සොලමන් දූපත් පිහිටා ඇත්තේ ඕස්ෙට්‍ර්ලියාවට සහ නවසීලන්තයට ඉහළිනි. ප්‍රධාන දූපත් 6 ක් සහ තවත් කුඩා දූපත් 900 ක් සොලමන් දූපත් රාජ්‍යයට අයත් වෙයි. ලෝක බැංකු වාර්තා අනුව සොලමන් දූපත් රාජ්‍යයේ ජනගහනය 7,03,995 කි. හොනියාරා යනු සොලමන් දූපත් රාජ්‍යයේ අගනුවරය.
(එන්.ඩී.ටීවී.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සොලමන් දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ