(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙවර ඉදිරිපත් වූයේ ඉතිහාසයේ ම අත්පුඩියක් නොගහපු එකම අයවැය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අත්පුඩි එකක් දෙකක් හෝ වැදුනේ ත්‍රෛලෝක විජය පත්‍ර කතාවට පමණක් බවද වීරසිංහ මහතා කීය.
ලිබරල් වාදය හෙවත් කුළු හරක් ධනවාදය නිසා රට සම්පූර්ණයෙන්ම නැති භංගස්ථාන කර දමා තිබෙන බවද වීරසුමන මහතා පැවසීය.
COMMENTS
අපොයි අත්පොඩි තලන්නම වැඩේ. මොනවද ඒකේ තිබුනේ.?
අත්පොඩි ගහලා මෙච්චර කල් රට හැදුවද.?
රටට එහෙම දෙයක් වුනේ පොදුජන පෙරමුණේ නායක කාරකාදීන්ගේ ක්‍රියා කාරකම් නිසා කියලා අමතක වුනාද.
මෙතෙක් අහපු අය වැය කතා වලදි මට කියවුනේ "අපොයි වැඩක් නෑ" කියල . මේ අය වැය ට කියවුනේ "ච්ක් විතරක් " කියලා
ඔයගොල්ල අප්පුඩි ගහලා කරපු අයවැය වල ප්‍රතිපල තමා පහුගිය කාලේ රටේ අපි දැක්කේ.
අය-වැය ක අන්තර්ගත වැඩ පිළිවෙල අත්පුඩි ශබ්දයෙන් වටහගන්න මෝඩයෝ. - "ලිබරල් වාදය හෙවත් කුළු හරක් ධනවාදය නිසා රට සම්පූර්ණයෙන්ම නැති භංගස්ථාන කර දමා තිබෙන බවද වීරසුමන මහතා පැවසීය"- පොහොට්ටුවෙ බැසිලියානු කොමිස් (50%) ලිබරල් ධනවාදය නම්, මැදමුලන කටු කන මැටි මොංගල් වාමාංශිකයන්ට "අනේ ෂෝයි"ආ.