(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කඩදාසි ප්‍රශ්නය උග්‍ර අතට හැරීම නිසා වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා පාර්ලිමේන්තුවට සහ මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට මෘදු පිටපත් (soft copy) මාර්ගයෙන් පමණක් ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
කෙසේ වෙතත් සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතා සැලකිල්ලට ගෙන දෘඩ පිටපත් වශයෙන් සභාගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගත් තීරණයක් අනුව මෙම පියවර ගන්නා බවද ඔහු පැවසුවේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
COMMENTS