
(ඩයනා උදයංගනී)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත්කර, තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී අද (21) රැස්වූ අවස්ථාවේදී මෙම පත්වීම සිදුකර තිබේ.
පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තනතුර සඳහා සුමතිපාල මහතාගේ නම යෝජනා කර ඇති අතර, පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ඒ සඳහා අනුමැතිය දී ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා තිලංග සුමතිපාල මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ද මෙහිදී ප්‍රදානය කර තිබේ.
තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයෙකුද වේ.
COMMENTS
මහින්දගේ දේශපාලනය තියෙන්නේ ඇමතිකමක් දෙන පක්ෂය එක්ක.