හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් සය දෙනාට නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කිරීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සුදානම් වන බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී වසර 30 ක කාලයක් සිරගතව සිටි පුද්ගලයන් සය දෙනා නිදහස් කිරීමට ඉකුත් 11 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඉතිරි ඝාතකයින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගත නොහැකි බවත් එම තීන්දුව සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවත් එසේම කොංග්‍රස් පක්ෂය එම තීන්දුව විවේචනය කරන බවත් කොංග්‍රස් පක්ෂයේ සන්නිවේදනය භාර ප්‍රධාන ලේකම්, ජයරාම් රමේෂ් පැවසුවේය.

034