(අංජුල මහික වීරරත්න)

බාලදක්ෂ ව්‍යාපාරය පළාත් නවයම ආවරණය වන පරිදි  ව්‍යාප්ත කරමින් 2024 වන විට එහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ යෞවන කටයුතු  අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු  වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල කර ලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ පත්වීමේ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.