(කාංචන කුමාර ආරියදාස)

දියණියන් දෙදෙනකු රැක බලාගන්නා ලෙස පියාටභාර කොට මව ගෘහ සේවය සඳහා පිටරට යාමෙන් පසු වයස අවුරුදු දාහතරක් සහ වයස අවුරුදු 7ක දියණියන් දෙදෙනකු නිවසේ තනිව ජීවත්වන දුක්බර පුවතක් මැල්සිරිපුර ප්‍රදේශයේයෙන් අපට වාර්තා වේ.‍

ගරා වැටුණු ඉතා අනාරක්ෂිත නිවසක මවත් පියාත් නොමැතිවීම  දාහර හැවිරිදි දියණිය හත් හැවිරිදි තම නැගණිය සමග තනිව ජීවත් වනු ලබන්නේ අසල්වැසියන්ගේ සහයෝගය නිසාවෙනි.

මෙම දුක්බර පුවත පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග අප මෙම නිවසට යන විටත් කුඩා දියණියන් දෙදෙනා පාසල් ගොස් නැවත නිවසට පැමිණ දහවල් ආහාරය සඳහා බතක් පිස පොල් සම්බෝලයක් සකසමින් සිටීම විශේෂත්වයකි.

මීට මාස එකොළහකට පමණ ඉහතදී මෙම දියණියන්ගේ මව  කුවේට් රාජයේ ගෘහ සේවය සඳහා පිටව ගොස් ඇත්තේ තම දියණියන් දෙදෙනා ඔහුගේ පියාට භාරදී නිවස තනා ගැනීම සඳහා බව මෙම දියණියන් පවසයි

කෙසේ වෙතත් මාස කිහිපයක් ගත වෙද්දී තම මව එවන් මුදල් සියල්ල පියාණන්ගේ මත්වතුර පානය සඳහා යොදාගෙන පීඩනයකට තමන් පත්ව පියාගේ විවිධ කරදර බාධක සහ පහරකෑම්වලට ලක් වූ බව දියණියෝ පවසන්නීය.