
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.
සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් මෙම නෞකාව ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අනතුරුව “විජයබාහු" නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නෞකාවේ සමරු පොතෙහි විශේෂ සමරු සටහනක් ද තැබීය.
නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
“Hamilton Class High Endurance Cutter” යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර් 115කි. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29කි. එක් වරකදි අවම වශයෙන් නාවික සැතපුම් 14,000ක දුරක් ආවරණය වන පරිදි අවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නාවික තාක්ෂණ උපාංග හා පහසුකම්වලින් ද මෙම නෞකාව සමන්විත වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපිත් TV බලනව නමුත් වෙන රටවල මෙ වගෙ පිලිගනිමෙ උත්සව නම් දැකල නෑ මුන්ත්ස කවුරු හරි මොනව දුන්තනත් උතසව අනේමද
මේකත් පරණ යකඩ හැටියට විකුනමුද?
අහෝ! ඇමෙරිකාව විසින් අබලි යකඩවලට විකිණීමට තිබු කුණුගොඩ අපිට සම්පතක් වූ හැටි!