(ඩයනා උදයංගනී)
පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සියයට 25ක් අනිවාර්ය වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම ආඥා පනතේ දැනට පවතින සියයට 25ක කාන්තා නියෝජනය ද ආරක්‍ෂා වන පරිදි මෙම සංශෝධනය කිරීමට නියමිත බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තරුණ නියෝජනයට අවස්ථාව සළසාදීම සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් ශ්‍රී දොලවත්ත මහතා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතට සහයෝගය දක්වමින් මෙම පියවර ගැනීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.
වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ප්‍රා.සභාවල තරුණ නියෝජන සියයට 25ක් කිරීමට යයි
Bamunuarachchi Tuesday, 22 November 2022 06:38 PM
තරුනයා කියන තැනැත්තාගේ වයස් සීමාව අවරුදු 15-24 කාලයයි මේ ගොල්ලොද ප්‍රා.සභාවල කෙරෙන් වැඩ කටයුතු ගැන තීන්දු තීරණ ගන්න හදන්නේ? ඔය හදන්නේ ප්‍රා.සභාවල ජෙප්පෝ රින්ගවන්න.