(සිසිර කැලේගම)
ලබන ජනවාරියේ දී විවාහ කරගැනීමට සිටි නියමිත තම අනාගත මනාලියගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ අටක් වටිනා රන් භාණ්ඩ සොරාගත් අයකු පොල්පිතිගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොල්පිතිගම පොලිස් වසමේ දිගින් දිගටම සිදුවූ ගෙවල් බිඳීම් සම්බන්ධයෙන් පසුගියදා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට පත්වූ අතර, ඔවුන් මතුව තිබූ සොරාගත් භාණ්ඩ ද පොලීසිය සොයාගෙන තිබිණි.
ඒ බව සැලවීමෙන් පසු ගතවූ කාලයේ දී තම නිවෙස්වල භාණ්ඩ නැති වූ පිරිස් ද පොලීසියට පැමිණ එම භාණ්ඩ පරීක්‍ෂා කර ඇති අතර, එලෙස පොලීසියට පැමිණි කාන්තාවක් එම සොරකම්වලට සම්බන්ධ එක් අයකු තම අනාගත බෑණා බව හඳුනාගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අයකු මැල්සිරිපුර පොලිස් වසමේත්, අනෙක් දෙදෙනා පන්සියගම පොලිස් වසමේත් පදිංසි අය බවත්, ඔවුන් ඉරුදෙණියාය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් තිදෙනා ගෙවල් බිදුම් 14 කට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය විණි යැයි ද පොලීසිය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අනාගත සහකාරියගේ කනකර ඉස්සූ මනාලයා කොටුවු හැටි