(නිමල කොඩිතුවක්කු)

විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල පිලිබද පුදුමයට පත් විය යුතු නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවසීය.

2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද ඇත්තේ විකෘති ආණ්ඩුවක් බවත් ඒ විකෘතිය මැතිවරණයක් තුළින් ප්‍රකෘතියක් බවට පත් වනතුරු තත්ත්වය මෙය බවත් විපක්ෂ නායකවරයා  එහිදී පැවසීය.

මුළු රටම පීඩනයට පත්ව, බරපතළ අසහනයකින්, බංකොලොත් බවකින් සිටින මොහොතේත් ඒ පිළිබඳ වගේ වගක් නැති ආණ්ඩුවකින් මීට වඩා යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.