(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානයේ සංඥා බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකිව නවතා තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
සේවය අවසන් කර නිවෙස් බලා යමින් සිටි ජනතාව පැයකට ආසන්න කාලයක් දුම්රිය තුළ හිරවීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බවත් ඇතැම් මගීන් ක්ලාන්ත තත්වයට පත්වූ බවත් දැනගන්නට තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ සංඥා බිඳ වැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවත් එය යථා තත්වයට පත්කරමින් සිටින බවත්ය.
මෙම තත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ප්‍රමාද වියහැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රාගමදී දුම්රිය සංඥා බිඳ වැටීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට
Duminda Tuesday, 22 November 2022 07:57 PM
සීතා නෝනා අරහේ V8 ඉල්ලනවෝ
Sunil Tuesday, 22 November 2022 08:43 PM
දුම්රිය දෙපාර්තමේන්තුවත් කාබාසිනියා වෙලා
පුරවැසියකු Wednesday, 23 November 2022 01:15 PM
ඔහොම තමා පහුගිය ටිකේ දිගටම පීලි පැනලා දැන් සිග්නල් නැති වෙලා .. ලබන සතියේ තව මොනවා හරි පුලුවන් .. ඕවා පවත්වාගෙන යන්න ඕනේ තරගෙට පවුද්ගලික ආයතන වලට දෙන්න ඕනේ