පළාත් හයකට සවස වැස්ස සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව, දකුණු සහ වයඹ පළාත්වල අද (29) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 July 2022
කොරෝනා රෝගීහු 131ක් කොරෝනා රෝගීන් 131ක් අද දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 28 July 2022
දේශපාලුවෝ දෙවන පෑ තිස් රජුගේ බුලංකුලමත් විකුණති දෙවැනි පෑතිස් රජතූමා ඉදිකල බුලංකුලම වැවේ වාන ප්‍රදේශීය දේශපාලකයන් තම හෙයියංචලාට විකූණා ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගූනවැවෙි ධමිමරතන හිමියෝ චෝදනා කරති. 28 July 2022
පාර්ලිමේන්තුව වාර අවසන් කරයි පාර්ලිමේන්තුව (නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය) අද (28) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරෙයි. 28 July 2022
රුවන් විජයවර්ධන ජනාධිපති උපදේශක තනතුරකට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර තිබේ. 28 July 2022
වෑන් රියැදුරු ඇතුළු දෙදෙනකුට බණ්ඩාරගමදී කඩු පොලුවලින් පහරදීලා දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පුද්ගලයන් දෙදෙනකු අද (28) දහවල් බණ්ඩාරගම නගර මධ්‍යයේදී යකඩ පොලු වලින් වෑන් රථයක රියැදුරුට සහ ඊට යාබද අසුනේ සිටි පුද්ගලයකුට පහරදී පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 28 July 2022
ඇමැතිවරු දේශපාලන සූදුවේ: ලක්ෂ 45 ක් ජීවන සටනේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අවස්ථාවේ ලක්ෂ හතළිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (28)පැවසීය. 28 July 2022
රූපවාහිනියට කඩා පැන්න ධානිශ් අලී ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම් අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩා වැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව රොෂාන් අලි ධානිශ් අලී සහ චමින්ද කැලුම් ප්‍රිය අමරසිංහ යන දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (28) නියෝග කළේය. 28 July 2022
දුම්රිය ආසන කලින් වෙන්කිරීමේ ගාස්තුව නගී දුම්රිය කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ඉහළ දැමීමට දුම්රිය බලධාරීන් කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. 28 July 2022
ජනපති මැදුරේ රූපවාහිනි-ස්ත්‍රික්කයක් සොරාගත්තැයි සැකකරුවෝ 5 තෙක් රිමාන්ඩ් ජනාධිපති මන්දිරයේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සහ විදුලි ස්ත්‍රික්කයක් සොරාගත්තැයි කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන පස් වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (28 ) නියෝග කළේය. 28 July 2022
සිපෙට්කෝ පිරවුම්හල්වලට ප්‍රමාණවත් තොග නෑ ඛනිජ තෙල් සංස්ථාව සිපෙට්කෝ පිරවුම් හල්වලට ලබාදෙන ඉන්ධන තොග කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් පෝලිම්වල රැඳී සිටීමෙන් ඉන්ධන අර්බුදය උග්‍ර වී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ඊයේ (28) පස්වරුවේ පැවසීය. 28 July 2022
ජනපති මැදුරේ ලක්ෂ 12ක වෛද්‍ය උපකරණ-ඖෂධ සොරාගෙන කොටුව ජනාධිපති මන්දිරයට බලහත් කාරයෙන් ඇතුලු වී සිටි පිරිස් එහි වෛද්‍ය මධ්‍යස්ථානයට පහර දී එහි තිබු රුපියල් ලක්ෂ 12 ට අධික වටිනා වෛද්‍ය උපකරණ හා ඖෂධ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. 28 July 2022
ජනපති මන්දිරයෙන් හමු වූ මුදල් අධිකරණයට දෙන්නැයි නියෝගයක් ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයොගෙන කොටුව පොලීසියට බාරදුන් බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල වහාම අධිකරණය බාරයට ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද කොටුව පොලීසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාට නියෝග කළේය. 28 July 2022
ඩීසල් ලීටර් 4070 මිරිස්සෙන් අල්ලයි ඩීසල්වලට භූමි තෙල් මිශ්‍ර කර වැඩි මිලට විකිණීම ජාවාරමක නිරත වු බව කියන වැලිගම මිරිස්ස ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයකු ඩීසල් ලීටර් 4070 ක තොගයක් සමග සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 28 July 2022
වී වගාවට පොහොර යොදන අනුපාතය ගැන මහාචාර්ය නිර්දේශයක් 2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර සියයට 70ක් හා කාබනික පොහොර සියයට 30ක් ලෙස යෙදීමට කෘෂිකර්ම මහාචාර්යවරුන් නිර්දේශ කර තිබෙි. 28 July 2022
හොරෙන් විකුණන්ද හැදූ ඉන්ධන ලීටර් 1500ක් අල්ලයි නීති විරෝධීව රැස් කරනලද ඩීසල් තොගයක් අධිවේගී මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් වෙද්දී දක්ෂිණ අධිවේගයේ හම්බන්තොට පිවිසුම ආසන්නයේදී සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. 28 July 2022
ඇමරිකාවේ බලාපොරොත්තුව තානාපතිනිය අගමැතිට කියයි දේශපාලනික අර්බූදය ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය ඔස්සේ විසඳාගෙන සියලු පක්ෂ එකතු වූ රජයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වනු දැකීම ඇමරිකා එක්සත් ජනපදයේ අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (28) පැවසීය. 28 July 2022
ශ්රීලනිපය ජනපති හමුවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය. 28 July 2022
කුඩු බොන්න අක්කා නංගී විකුණයි පහළොස් හැවිරිදි තම නැගිනිය රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ගෑම් 01කට හෙරොයින් ජාවාරම්කරුවකුට විකුනු අක්කා සහෝදරියක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 28 July 2022
හදිසිනීතිය පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවට විරුද්ධ බව එහි ආරම්භක සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 28 July 2022
මම දිනුවා නම් අටවන විධායක ජනපති අවසන් විධායක ජනපති වෙනවා ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට වාසිය හිමි නොවී තමන් තේරී පත් වූයේ නම් මෙරට අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 28 July 2022
කොරෝනා බියකින් රාගම දුම්රිය කවුළු වැහෙයි රාගම දුම්රිය ස්ථානයේ නිලධාරීන් ඇතුළු සේවක පිරිසකට කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් අද (28) දින මගීන්ට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකෙරිණි. 28 July 2022
අරගල ක්‍රියාකාරි පැතුම් කර්නර් අත්අඩංගුවට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 28 July 2022
ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්ම මහත්මීන් පත් කරනු ලැබ ඇත. 28 July 2022
ආරාධනා ගලට නැග්ග ප්‍රංශ ජාතිකයන්ගේ පාවහන් උස්සලා මිහින්තලේ සංචාරයක් සදහා පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයන් පිරිසක් ආරාධනා ගල නැරඹීමට ගිය අතරතුරු කඳු පා මුල ආරක්ෂක කුටියේ දමා ගිය 90,000ක් පමණ වටිනා පාවහන් අතුරුදහන් ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 28 July 2022
හොර ඉන්ධන අල්ලද්දී කසිප්පුත් අසුවෙලා වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසක් සෝදිසි කිරීමේදී ඩීසල් ලීටර් පනස් පහක්, පෙට්‍රල් ලීටර් පහක් හා ගෝඩා බැරල් එකක් එහි තිබී හමුවීමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 28 July 2022
කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් මහජන ආරක්ෂක හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. 28 July 2022
ලක්ෂ 15ක් කොල්ල කා ඇළට පැන පීනද්දී අල්ලයි මීගමුව - කොළඹ බස් රථයක මගි කාන්තාවක් සතුව තිබූ රුපියල් ලක්ෂ 15 කොල්ල කා වත්තල නගරයේ ඇළකට පැන පලායමින් සිටි සැකකරුවෙක් මුදල් ද සමග වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 July 2022
මැතිසබයේ තනතුරු හතරකට අලුත් මුහුණු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් සහ සහකාර සංවිධායකවරු දෙදෙනෙක්ද පත් කරනු ලැබ සිටිති. 28 July 2022
ව්‍යාපාරවල වාහනවලටත් කිව්.ආර්. කේත ලබාගැනීමේ අවස්ථාව ව්‍යාපාර සතු වාහන අදාල ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකයේ අංකය ඇතුළත් කර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා කිව්. ආර්. කේතය ලබා ගැනීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 28 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026