(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින පීඩන අවපාතය හෙට (26) දිනයේදී ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් ඇති අතර, එහි බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හෙට (26) දිනයේ ද පවතිනු ඇතැයි එය එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.
මෙහි බලපෑමෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
සෙසු ප්‍රදේශවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ඔහු කීවේය. ඒසේම මෙම පද්ධතියේ බලපෑම නිසා දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40-50 ක පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd