කාලගුණය පීඩාවට පත්කළ ජනතාවට නාවික හමුදා සහය අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද (2) පෙරවරුවේ සිට සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි. 02 August 2022
විදෙස්ගත ශ්‍රමිකයින්ට හිමිවන තීරුබදු සහන ඉහළට බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තීරු බදු සහනය ඉහළ දැමීමටත්, විදුලියෙන් ක්‍රියාකරන වාහනයක් මිලදී ගැනීම සඳහා අවස්ථාව දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (2) පැවසීය. 02 August 2022
මහ කන්නෙන් පස්සේ කුකුල්ලු ගනං බස්සති මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට සියලු කටයුතු සකසා අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 August 2022
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර පෙළපාළි නෑ පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ පෙළපාළි මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 02 August 2022
රට හදන්න මහින්දගේ අත්දැකීම් ද ඕනෑ රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡාවක් අද සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 02 August 2022
රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කරයි රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබේ. 02 August 2022
ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 August 2022
තරු හෝටලයෙන් අරගලයට කෑම දුන්න හැටි හොයයි ගාලුමුවදොර අරගලයේ ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. 02 August 2022
ගෝඨාට ආරක්ෂාවදීම රජයේ වගකීමක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 02 August 2022
රත්මලානේ වෙඩි තැබීමට අයෙක් මාට්ටු රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසට කඩා වැදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයකු පිස්තෝලයක් ,මත්කුඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 02 August 2022
නිරිත දිග මෝසමේ බලපෑම තවදුරටත් නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 August 2022
ජනපති නිවෙසට ගිනි තැබූ තුනක් මාට්ටු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට වී ගිනි තබා අලාභානි කළැයි කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පවසයි. 02 August 2022
අල් කයිඩා නායක සවාරි මරා දැමේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය. 02 August 2022
අල්ලස් චෝදනාවෙන් නිමල් සිරිපාල නිදහස් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (2) පෙරවරුවේ නැවතත් දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 01 August 2022
ජනපති කාර්යාලයට මුලින්ම පැන්න අරගලකරුවා අල්ලයි අරගල කරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින් එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා අද (1) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 01 August 2022
රට හාල් ගැන හොයන්න කමිටුවක් සහල් ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාව සම්බන්ධව කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙි. 01 August 2022
ලංවීම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (1) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 August 2022
පොලිස් කතක බලහත්කාරයෙන් රැගෙන යද්දී වෙඩි තබා මුදා ගනී අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසිය රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමග නොනවත්වා පළා යද්දී මෝටර් රථයට වෙඩි තබා කාන්තාවන් දෙදෙනකු සහ එහි රියැදුරා අත්අඩංගුවට ගත් බව අඹන්පොළ පොලිසිය කියයි. 01 August 2022
රැට්ටා අත්අඩංගුවට සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 August 2022
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් අඩු වෙයි ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) පස්වරුවේ නිවේදනය කළේය. 01 August 2022
රාජිතගේ සුදුවෑන් නඩුවේ කොන්දේසියක් ඉවතට ආන්දෝලනාත්මක “සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව”ට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ එම ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුන්දර මහත්මිය අද (01) නියෝග කළාය. 01 August 2022
ජනපතිට පාකිස්ථානයේ හොඳ හිත පාකිස්ථානය සහ ලංකාව අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (Arif Alvi) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පනිවිඩයක් එවමින් සඳහන් කරයි. 01 August 2022
රත්නපුරයට ගංවතුර පැවති අධික වැසි හේතුවෙන් කලූ ගඟේ ජල මට්ටම අද දහවල් 02.00 පමණ වනවිට සුලූ ගංවතුර මට්ටමකට ළඟාවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2022
‘ඇනිමේට් හර්’ ලයනල් වෙන්ඩ්ට්හිදී මෙම හය සහ හත් වැනිදා බ්‍රිතාන්‍ය කවුන්සලය (බීරටිෂ් කවුන්සිල්) වාර්ෂිකව සංවිධානය කරන ‘මපට්’ නිර්මාණ සහ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනය ‘ඇනිමේට් හර්’ වැඩසටහන කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට්හිදී මේ මස 6 සහ 7 දෙදින පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ. 01 August 2022
මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දිගුවෙති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය. 01 August 2022
ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍රත්වයේ විරසකයක් ඇතිවීමට ඉඩනොදිය යුතුයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයේ විරසකයක් ඇති කිරීමට බාහිර බලවේගවලට ඉඩ නොතැබිය යුතු බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි. 01 August 2022
ප්‍රකාශයක් දෙන්න රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 01 August 2022
කොවිඩ් මරණ තවත් 3ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) පස්වරුවේ තහවුරු කළේය. 01 August 2022
මාර්ග අංක 175 පුද්ගලික බස් රථ වර්ජනයක ඉන්ධන ඉල්ලා මාර්ග අංක 175 කොහිලවත්ත, කොල්ලුපිටිය පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත. 01 August 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026