සියනෑ කුමාරි බෙම්මුල්ලේ නතර වෙයි මහනුවර සිට මාතර බලා ධාවනය වූ ’සියනෑ කුමාරි’ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වූහ. 12 August 2022
මැතිසබය රැස්වන වේලාවේ වෙනසක් පාර්ලිමේන්තුව රැස්වන වේලාව ලබන 29 වෙනිදා සිට වෙනස් කර ඇත. 12 August 2022
ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් මාට්ටු නීති විරෝධී ලෙස ඩීසල් ලීටර් 1000 අධික ප්‍රමාණයක් කුඩා ලොරි රථකින් ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කවරක්කුලම පොලිසිය කියයි. 12 August 2022
සියනෑ කුමාරි බෙම්මුල්ලේදී නැවතියි මහනුවර සිට මාතර බලා ධාවනය වූ ’සියනෑ කුමාරි’ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වූහ. 12 August 2022
පළාත් කීපයකට අදත් කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේදීවැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 August 2022
ගිනි අවියක් සමග හිටපු එස් අයි මාට්ටු අල්ලේ සඟවාගෙන යා හැකි කුඩා පිස්තෝලයක්, උල් පිහියක් සහ ජීව උණ්ඩ සමඟ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු මහරගම පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 12 August 2022
අලුත්වැඩියා ප්‍රමාදයෙන් ගම්පහ රෝහලේ කටයුතුවලට බාධා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් ශල්‍යාගර හයක අලුත්වැඩියා කටයුතු නියමිත කාලය තුල අවසන් නොකිරීම හේතුවෙන් වසර එක හමාරක කාලයක් ප්‍රධාන ශල්‍යාගාර හයක් ඇතුලු අංශ කිහිපයක් වසා තැබීමෙන් රෝගීහු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතාවයට පත්ව සිටියි. 12 August 2022
මහින්ද ජැක්සන් බලන්න යයි හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම රෝහලට ඊයේ (11) පෙරවරුවේ ගියේය. 12 August 2022
හරක්කටා මාට්ටු මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන අහංගම මිදිගම නදුන් චින්තක හෙවත් හරක් කටා අද (11) දහවල් ඩුබායි ගුවන් තොටුපොලේදි අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 11 August 2022
ජනපති මන්දිරයේ භාණ්ඩ ලැයිස්තුව ඉල්ලයි ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද ජනාධිපති මන්දිරයේ දේපළ මොනවා දැයි ස්ථිර වශයෙන් සහ නිවැරදිව තහවුරු කරගැනීම සඳහා එහි භාණ්ඩ ලැයිස්තුව ( ඉන්වෙන්ට්‍රි) ලබා දෙන්නැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් අද (11) දැනුම් දුන්නේය. 11 August 2022
යුරෝපා සංගම් නියෝජිතවරු ජනපති හමුවෙති ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබෙි. 11 August 2022
හිටපු ජනපති ගෝඨා තායිලන්තයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11)සිංගප්පූරුවේ සිට තායිලන්තයේ දොන් මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට බැංකොක් වේලාවෙන් රාත්‍රී 8 ට පමණ පැමිණි බව තායිලන්ත බලධාරීහු තහවුරු කළහ. 11 August 2022
සිසුන් අපයෝජනය කළ කපුවා 23 තෙක් රිමාන්ඩ් බාල වයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උණවටුන ප්‍ර දේශයේ දේවාලයක හිමිකාර කපුවා මෙම මස 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (11) නියෝග කළාය. 11 August 2022
චීන යුවාන් වැන්ග් 5 ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 600ක් ඈතින් චීන යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණියත් අද දින හම්බන්තොට වරායට ඇතුළු නොවන බව හම්බන්තොට වරාය ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 11 August 2022
නිහාල් වෙදආරච්චි හෙට තෙක් රිමාන්ඩ් තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝග කළේය. 11 August 2022
සිසුන් අපයෝජනය කළැයි කෝටිපති පූජකවරයෙක් අත්අඩංගුවේ පාසල් සිසුන් රවටාගෙන ගොස් ලිංගික අපයෝජන සඳහා යොදාගත් බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 August 2022
මහනුවර ඇසළ මහා මංගල්‍ය භාෂා 10කින් ලොවම දකී මහනුවර ඓතිහාසික ඇසල පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර භාෂා 10 කින් ලොව පුරා සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් බව දළදා මාලිගාවේ මාළිගාවේ මාධ්‍ය ඒකකය පවසයි . 11 August 2022
වසර 39 කට පසු මොස්කව් සිනමා උළෙලට ලාංකික චිත්‍රපටයක් වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත. 11 August 2022
කසිප්පු බිව් හතරක් හිටිහැටියේ මරුට ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කරන සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. 11 August 2022
ප්‍රභූ පංතිය කුමන්ත්රණයකින් ‘අරගලය’ ගෙදර යැව්වා අරගලය තුළ ද ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බවත් රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (11) පැවසීය. 11 August 2022
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් අද එයි පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් රැගත් නෞකාවක් කොළඹට අද (11) රාත්‍රී ළගා වීමට නියමිත බවත් එහි පෙට්‍රල් තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 11 August 2022
බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරයි ඉදිරි මහ කන්නයේ බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 11 August 2022
වන අලි ඉන්න තැන් සංවර්ධන වැඩට නොදෙන්න තීරණයක් වන අලින්ගේ වාස භූමි ලෙස හඳුනාගෙන තිබෙන ප්‍රදේශ මින් ඉදිරියට ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීරණයක් ගන්නා බව වනජීවී සහ වන සංරක්ෂණ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 August 2022
ඩෙංගු දරුවන් 25 දක්වා ඉහළට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගී දරුවන් සංඛ්‍යාව 25 දක්වා ඉහළ නැග ඇතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 11 August 2022
කිව්.ආර්. කේතයට පමණක් ඉන්ධන දීම ගැටලුවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වරකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. කේතයට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය සමාන වියයුතු යැයි නියමක් පනවා ඇති බවත් රාජ්‍ය ආයතනවල වාහනවල කිව්.ආර්. කේතයට ඇතුළත් නොකර ඉන්ධන ලබාගැනීම නිසා පිරවුම්හල් කළමනාකාරිත්වය ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුමහල් හිමියෝ කියති. 11 August 2022
ආසියානු කුසලානයේ සත්කාරත්වය ගැන තීරණයක් ගන්න පැය 24 ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය භාරගැනීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් 2023 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට දීමට සූදානම් බවත් ආසියානු ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇතැයි ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. 11 August 2022
මෙහෙම ගියොත චීනයත් නැති වෙයි ආණ්ඩුව මේ අවස්ථාවේ ඔලුව පාවිච්චි කර වැඩනොකළොත් ශ්‍රී ලංකාවට චීනයත් නැතිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 11 August 2022
සිපෙට්කෝ පිරවුම්හල්වලට නව බද්දක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති. 11 August 2022
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඩොලර් 45,000ක් පරිත්‍යාග කරති ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි. 11 August 2022
ගෝඨාභයගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට තායිලන්ත රජය අවසර ලබා දුන් නමුත් එම කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් හට ස්ථිර රැකවරණය ලබා දීමට කැමති රටක් සොයනු ඇතැයි තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා මහතා ප්‍රකාශ කළේය. 11 August 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026