(නයනජිව බන්ඩාර සහ නිමන්ති රණසිංහ)

මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් මහතා වියළි ගංජා කිලෝග්‍රෑමි 15ක් සමග ඊයේ (8) රාත්‍රි 9.00ට පමණ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් අධිකාරිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔහුගේ නිළ නිවසේදිය.

සැකකාර පොලිස් අදිකාරිවරයා ගංජා ජාවාරමේ යෙදන බවට ඌව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් ජේ. වෙදසිංහ මහතාට ලැබුනු තොරතුරකට අනුව ඒ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කන්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් එකතුව, සැකකාර පොලිස් අධිකාරිවරයාගේ නිළ නිවසේ දි මෙම ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන තිබෙි.