අයවැය විවාදයට දින නියම වෙයි ඉදිරි මාස හතරේ වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 30,31, සැප්තැම්බර් 1 වැනිදා සහ 2 වැනි දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 11 August 2022
ඇසළ පෙරහැර බලන්න යන්න දුම්රියවල මහ සෙනඟක් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දුම්රියවලින් මහනුවර බලා ගමන් කිරීමට අතිවිශාල ජනකායක් පැමිණීම හේතුවෙන් එම දුම්රියවල දැඩි තදබදයක් පැවතිණි. 11 August 2022
විදුලි බිල වැඩි කිරීම ගැන විවාදය ලබන 29 වැනිදා විදුලි බිල සියයට 75කින් වැඩි කිරීම සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 29 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය. 11 August 2022
සංචාරක හෝටල්වල මෘදු මත්පැන් අළෙවිට අවසර සංචාරකයන්ට නවාතැන් ඇතුළු සේවා සපයන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලාවලට වයින් සහ බියර් අළෙවි කිරීමට අවසර දීමට තීරණය කළ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි. 11 August 2022
අරගලයට සහාය දැක් වූ සුදු තරුණියගේ විසා අවලංගුයි ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 11 August 2022
වැස්සෙ අඩුවක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 August 2022
සති අන්තයේ බදුල්ලට අලුතින් සැප දුම්රියක් කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 11 August 2022
රංජන් එළියට එන හැටි විජයදාස කියයි රන්ජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කල බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 11 August 2022
කාදිනල්තුමාටත් කොරෝනා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටිති. 10 August 2022
දෛනික ආසාදිතයෝ 200 පනිති ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 227 දෙනකු අද (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 10 August 2022
ගෝඨාගේ පැමිණිම තායිලන්තය තහවුරු කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකාවේ වත්මන් රජය තායිලන්ත රජයෙන් ඉල්ලා ඇතැයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ටනී සංග්‍රාත් මහතා ප්‍රකාශ කළේය. 10 August 2022
60 පැන්න බිත්තරය වෙළඳපොලේ බිත්තරයක මිළ රුපියල් 60 කට ආසන්න වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 10 August 2022
පක්ෂ පහක් ජනපති හමුවේ සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 August 2022
‘‘22 රටේ යහපත වෙනුවෙන් ගන්න පියවරක්‘‘ 22 වැනි සංශෝධනය රටේ අනාගත යහපත වෙනුවෙන් තබන ඉදිරිගාමී පියවරක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 10 August 2022
පළාත් සභා වියදම් කළමනාකරණය ආණ්ඩුකාරවරුන්ට පවරයි මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවන හෙයින් පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ. 10 August 2022
ජනපතිගෙන් අනුරට ලිපියක් ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි. 10 August 2022
බස් හිමියන්ගෙන් ගමනා ගමන කොමිසමට තගක් බස් ගාස්තු සංශෝධනය කිරීමට විරෝධය පළකරමින් බස් රථ හිමියන් පිරිසක් ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) නිලධාරීන්ට තර්ජනය කළ බවට නාරාහෙන්පිට පොලිසියට පැමිණිල්ලක් කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 August 2022
ජනපති නිල පුටුවේ වාඩි වූ කතුන් දෙකක් අල්ලයි කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල පුටුවේ අසුන්ගෙන සිටි කාන්තාවන් දෙදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 10 August 2022
කොවිඩ් මරණ 9 ක් වාර්තා වෙයි ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් නවදෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) පස්වරුවේ තහවුරු කළේය. 10 August 2022
ඛනිජ තෙල් බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක් ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 10 August 2022
හෙට විදුලි කප්පාදුව නෑ විදුලි කප්පාදුව හෙට (11) සහ මේ මස 14 වැනිදා දෙදින නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පස්වරුවේ පැවසීය. 10 August 2022
පේරාදෙණියේ පාලමක් යටින් උණ්ඩ 24ක් මතු වෙයි පේරාදෙණිය ගන්නොරුව පාලම අසල සඟවා තිබූ බව කියන උණ්ඩ 24 ක් සහ හිස් පතරොම් ගැබක් නාවික හමුදාවේ බුද්ධි අංශ මඟින් සොයාගෙන පේරාදෙණිය පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි . 10 August 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් කුඩා කර්මාන්ත මකර කටේ විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීමත් සමඟ ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත වැසීයෑමේ දැඩි අවධානමකට පත්ව ඇති බවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවල විදුලි ගාස්තු වැඩිවූයේ කෙසේදැයි පැහැදිළි කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පැවසීය. 10 August 2022
ආපනශාලා ආහාර රැසක මිල ඉහළ යයි විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ ආපනශාලාවලට අවශ්‍ය සහ අළෙවි කරන ආහාර වර්ග රැසක මිල ඉහළ යෑමට ප්‍රතිචාර ලෙස දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් මිල අඩුවූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සැබෑ ලෙස අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් විය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (10) පැවසීය. 10 August 2022
පොටෝකොපියකුත් රුපියල් 5 කින් ඉහළට විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ඡායාපිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බවත් අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා අද (10) පැවසීය. 10 August 2022
ජනාධිපති කතාව ගැන ඩලස් අලුත් කතාවක් කියයි යහපත් වචන වලින් පිරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති කතාව යථාර්තයක් කර ගැනීම සඳහා මොනතරම් අභියෝගයක් තිබේදැයි හැම දෙනාටම වඩා ’’එතුමාට’’ පුළුල් අවබෝධයක් තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:-(පොපෙ) පැවසීය. 10 August 2022
මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බරත් රසත් අඩු වෙලා පාන් මිල වැඩි කළ පසු පාන් ගෙඩියේ බර හා රසය බෙහෙවින් අඩු වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති . 10 August 2022
බිත්තර මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර ගේන්න බිත්තර මිල වැඩි කිරීම පාලනය කිරීම සඳහාත් අඩු මිලට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට වහා මැදිහත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටී. 10 August 2022
මහින්ද-බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දැනුම් දුන්නේය. 10 August 2022
ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම්: පෙත්සම්කරුවෝ පෙත්සම් 4 ක් ඉල්ලා අස්කරගනිති ’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ඉල්ලා අස් කරගන්නා බව එහි පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයට අද (05) දැනුම් දුන්හ. 10 August 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026