රටවල් තුනකට ශ්‍රී ලංකාව මැදි වෙලා
ශ්‍රී ලංකා නිලධාරීන් යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරයාට පිවිසීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණයට චීන,ඇමෙරිකානු සහ ඉන්දියානු රාජ තාන්ත්‍රික නිලධාරීන් තිරය පිටුපස සිට බලපෑම් එල්ල කිරීමට උත්සහ දරණ බව ඒ පිළිබඳ සෘජු දැනුමක් ඇති ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.