(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දෙන ඉන්ධන දීමනාව පෞද්ගලික පරිහරණයට තබාගෙන රාජකාරියට පැමිණීමට සහ පිටව යාමටත් වෙනත් ගමන් බිමන් සඳහාත් අමාත්‍යාංශ සංචිතයේ තිබෙන වාහන පාවිච්චි කරන අතිරේක ලේකම්වරියක් ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිල්ලක් ලැබී තිබේ.
රජයේ ඉහල නිලධාරීන්ට ඉන්ධන දීමනාවක් ලබා දෙන්නේ මහජන සේවය කාර්යක්ෂමව ඉටු කිරීමට බවත් එසේ දෙන මුදල සාක්කුවේ දමාගෙන අමාත්‍යංශ සංචිතයේ වාහන පාවිච්චි කිරීමෙන් මහජන මුදල් අවභාවිතාවක් වන බවත් අමාත්‍යවරයාට ලැබුණ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙලෙස වාහන අවභාවිතා කිරීම නතර කරන්නැයි කාෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ද අදාල අතිරේක ලේකම්වරියට දන්නවා ඇති නමුත් එම ක්‍රියාව නතර වී නැතැයි අමාත්‍යවරයාට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වේ.
අතිරේක ලේකම්වරිය මෙම වරද දිගින් දිගටම කරනවා නම් චක්‍රලේඛ අනුව විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.
අදාල අතිරේක ලේකම්වරියට මසකට රුපියල් 80000ක්90000ක් අතර ඉන්ධන දීමනාවක් ලැබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එකක් විතරයි... අනික නීත්‍යානුකූලවම ඔයවගේ තේරුමක් නැති වරප්‍රසාද කොච්චර දීලා තියෙනවාද? අපි තමයි ඉතින් කරුමේ අදින්න ඕනේ...!
ඕක ඉතින් එයා විතරක් කරන දෙයක් නොවෙයි කියලා නොදන්නේ රජයේ සේවය ගැන නොදන්නා අය පමණයි. පසුගිය ඉන්ධන ප්‍රශ්නය උග්‍රව තිබුණු කාලයේ රජයේ වාහන පුද්ගලික පරිහරණය සඳහා අවසරය මත එම නිලධාරින්ගේ කලත්‍රයන් පවා සමහරක් අය ඔවුන්ගේ ව්‍යාපාර සඳහා රජයේ වාහන සමග රජයේ ඉන්ධන පාවිච්චිය උපරිමයෙන් කළා. රජයේ නිලධාරින් (දීප ව්‍යාප්ත සේවා) වාහන බලපත්‍ර ගන්නවා... එය විකුණනවා රජයේ වාහනයක් නිල වාහනයක් කර ගන්නවා. එයම පුද්ගලික පරිහරණය සඳහා ගන්නවා සමහරක් අය පුද්ගලික වාහනය විකුණා පුද්ගලික වාහනයක් පාවිච්චියට අවසර ගන්නවා. එයට දීමනා ගන්නවා. සංචිත වාහන රාජකාරි සඳහා යොදා ගන්නවා. නමුත් දොස්තරලා වගේ අයට එම පහසුකම් අඩුයි කියලා කියන්න පුළුවන්.. මෙය පරිපාලන සේවයේ අයත් අධ්‍යාපන සේවයේ අයත් ඔය කියපු අය හා සැලසුම් සේවයේ අය බොහෝදෙනෙක් කරනවා. රජයේ නිල වාහනයක් හිමි කිසිවෙකුට ඒක පුද්ගලික පාවිච්චියට අවසර ඇත්නම් විශ්‍රාම යනතුරු වාහන බලපත්‍රය නොදිය යුතුයි.. ඒවාට වැය වෙන්නේ අහිංසක මිනිස්සු පවා කුසගින්නේ සිටියදී ඔවුන්ට සහන නොදී අසාධාරණ ලෙසට වැයකරන ජනතා මුදල් නිසා...
හිටපු ඇමති මහින්දානන්දගෙ නඩයක් වෙන්ඩ ඇති. හොරාකන්ඩම ඇවිල්ල ඉන්නෙ
කාගේ හරි කෙනෙක්ද? ස්ථාන මාරුවක්...?