IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිරිනිවාස හිමිගේ රථවලට ගිහියෙක් අයිතිය ඉල්ලයි

(උපාලි ආනන්ද)
අනුරාධපුර අටමස්ථානධිපතිව සිට අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන්  ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානූකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන  ලෙස  ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක්  සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත්  නදීකා ඞී පියරත්න මහත්මිය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ පෙනීි සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළාය.

එමෙන්ම මෙම නඩුවට අදාළව විරෝධතා ඇත්නම් එදිනට හෝ එදිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද දිසා විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට තවදුටරත් නියෝග කරනු ලැබුවාය.

අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර  පදිංචි  පේලිමුහන්දිරම් අප්පුහාමිලගේ   චන්දානන්ද යන අය නීතිඥ දසුනි කුමාරසිංහ මහත්මිය මගින් අනුරාධපුර දිසා අධිකරණයේ ගොනු කර ඇති මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර  බෝමළුව පන්සල (ජය ශ‍්‍රි මහ බෝධි විහාර) ලිපිනයේ  අනුරාධපුර  අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සහ කැකිරාවේ ඤාණසිරි හිමි සහ අනුරාධපුර පැරණි නගරය ථූපාරාම පන්සල ලිපිනයේ ථූපරාමාධිකාරි ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.

 



අදහස් (30)

සිරිනිවාස හිමිගේ රථවලට ගිහියෙක් අයිතිය ඉල්ලයි

පිටිගල ම්ලානෝ Monday, 09 January 2023 01:34 PM

සාදු….සාදු….සා…..!

:       278       39

ජගත් ලියනගේ Monday, 09 January 2023 01:34 PM

බුදුහාමුදරුවෝ නම් තණ්හාව, ක්ලේශය, මෝහය වගේ සියලුම ආශාවල් සමනය කළා...

:       12       79

Nissanka Monday, 09 January 2023 02:53 PM

බුදුදහමට විරුද්ධව ගොඩනැගෙන සැලසුම් සහගත ක්‍රියාවලියක් වෙමින් පවතින බව දැන් නම් හොඳටම පැහැදිලියි. රනිල් නායකත්වයේ ඉන්නකොට ඕව වෙන එක පුදුමයක් නෙමේ.

:       56       615

දුමින්ද Monday, 09 January 2023 04:56 PM

මුල් අදහස ඉතාමත් නිවැරදි වුනත් රනිල්ට අපහාස කිරීමක් සමග නිසා ඉදිරිපත් කල අදහස බලු නොවටින අදහසක් කියලා කියන්න වෙනවා

:       143       9

JanakaTuesday, 10 January 2023 12:55 PM

අනිවාර්යෙන්. හාමුදුරුවොන්ට මඩක් ගහන්න තියෙනව නම් අනිත් ආගම් වල උන් එන්නෙ පියාඹගෙන. උඩ පැන පැන මඩ ගහනව. බුදුහාමුදුරුවොන්ටත් බණ උගන්නන්න තරම් පඩත්තල සෙට් එකක් ඔය පල්ලෙහා කොමෙන්ට් දාල තියෙන්නෙ. කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. කියල තමයි කියන්න වෙන්නෙ.

:       8       86

SenakaTuesday, 10 January 2023 01:50 PM

දැන්ද තේරුනේ..? ඔය අවුරුදු 74ටම බෞද්ධ නායකයෙක් පහළ වුනේ නෑ ලංකාවේ. ඔක්කොම කරේ ලොකු මල් වට්ටියකුයි, පලතුරු වට්ටියකුයි, මීඩියා එකයි අරන් ගිහින් රෑට ප්‍රවෘත්ති වලට පෙන්නන්න ශෝ එකක් හදාගත්තු එක විතරයි. ඒ වුණාට පල්ලියට යන්නේ මීඩියා නැතුව. එයාලා බෞද්ධ මීඩියා එකට විතරයි...

:       0       20

ලුම්බිණි Monday, 09 January 2023 03:14 PM

අධි සුඛෝපභෝගී ජීප් රථ නැතුව බොහෝ හිමි වරුන්ට නිවන් අවබෝධ කර ගැනීම දුෂ්කරයි

:       256       93

Buddika Monday, 09 January 2023 03:32 PM

චන්ද්‍රදාස මලයට කොහොමද හාමුදුරුවන්ගෙ වාහනයෙ අයිතිවාසිකම් තියෙන්නෙ? මොකක්ද සම්බන්දතාවය, මෙ චන්ද්‍රදාස මල්ලියෙ බොරු නම් කොරන්න එපා ඕන් හොදෙ

:       229       17

උපාසක Monday, 09 January 2023 05:02 PM

ඉල්ලීම හරිගියොත් ඒ හාමුදුරුවන් වැඩසිටි පන්සල්වල අයිතියත් ඉල්ලන්න බැරි නැහැ කියලා හිතෙනවා. වාහන දුන්නොත් එහෙම වෙනවා ශුවර් තමයි

:       140       21

Buddika Monday, 09 January 2023 03:33 PM

ආ මට වැරදුනා චන්දනද මලය. චනද්‍රදාස නෙවේයි.

:       183       6

සුරවීර Monday, 09 January 2023 04:59 PM

බුද්ධිකගේ අදහස ඉතාමත් නිවැරදියි. ගිහියෙකුට හාමුදුරුවන්ගේ දේපලක අයිතිවාසිකම් කියන්න හැකියාවක් නැහැ. එහෙම පුළුවන් වෙන්න නම් වාහනයේ ලියාපදිංචිය ඔහුගේ නමින් තියෙන්න ඕනෑ..

:       110       25

HARAMANIS Monday, 09 January 2023 03:42 PM

පේනවනෙ අතහැරල තියෙන තරම

:       173       46

Perera Monday, 09 January 2023 05:20 PM

මේ යන විදිහ බුදු හාමුදුරුවන්වත් නඩුවල සාක්කියට කැඳවන්න වෙයි.

:       545       20

විජේ Monday, 09 January 2023 06:42 PM

බුදුහාමුදුරුවන්ටත් කටඋත්තර නැතුව යනවා මේවට

:       469       25

Buddika Monday, 09 January 2023 06:03 PM

මේක අපභ්‍රංශයක් වගේ පේන්නේ. අපි හිතමු ඔය කියන පුද්ගලයා නායක හිමියන්ට ජීප් එකක් පූජා කළා කියලා. ඒ කියන්නේ දන් දීමක්නේ. හරි. දුන්න කියන්නේ අත්හැරියා කියන එක. ඒකයි දානයේ ස්වභාවය. ඇත්තටම මේ මනුස්සයාදුන්නා නම් මොන මඟුලකට ද දැන් ඉන්න නායක හිමියන්ට නඩු දාන්නේ. ඒ කියන්නේ මේක දීලා තියෙන්නෙත් හිතේ ලෝභය, ආසාව තියාගෙන. එවිට කුසලය පළ දෙන්නේ නෑ. ජීප් එක සඟ සතු භාණ්ඩයක්. සඟසතු දේ කොහාමත් ගිහි අපිට අයිති නෑ.

:       15       281

කරුණාරත්න Tuesday, 10 January 2023 05:09 AM

මේක ඒ පුද්ගලයා කල මගඩියක් වෙන්න පුළුවන් මම දන්න පුද්ගලයෙකුගේ අක්කගෙ සැමියා මගේ ළගම නෑයෙක් හදිසියේ මියගියාම මම දන්න පුද්ගලයා අක්කගෙ සැමියා සතුවතිබූ යතුරු පැදියක් ඔහුගේ පාවිච්චියට ගෙන ගියා නමුත් අක්කා ඒකට අදාල ලියාපදිංචි සහතිකය දුන්නෙ නැහැ ඔහු එයට මොකක්ද මගඩියක් කරල එතරම්ම ප්‍රශිද්ධ නැති ෆිනෑන්ස් සමාගමක් හරහා හොරට ලියාපදිංචි සහතිකය ඔහුගේ නමට හරහරවාගෙන තිබුනා මේ වනවිට මුල් අයිතිකරුගේ පුතා මවගෙන් යතුරු පැදිය ඉල්ලාසිටීම නිසා අක්කා මල්ලිගෙන් යතුරු පැදිය ඉල්ලුවේ නැත්නම් ඔහු එය විකුණනවා මෙතනත් එහෙම වුනාද දන්නෙ නැහැ සොයා බලන්න මම කිව්වෙ සත්‍යම දෙයක්

:       0       194

විජේ Monday, 09 January 2023 06:39 PM

PPL (පන්සල් ප්‍රෙමියර් ලීග්) කියලා මෝටර් රථ තරගාවලියක් තිබ්බොත් කවුරු දිනයිද? උඩමලු යෙලෝ රැග්ස්, කතරගම නිලමයන්ස්, කැලනි නාඝස්, අස්ගිරි ක්ලයිම්බ්ස්, මල්වතු ඩ්‍රිෆ්ටර්ස්? අපි නොදන්න පොඩිම පොඩි ෆ්‍රැන්චයිස් එකක් දිනන්නත් පුලුවන්.

:       355       45

කැපකරු Monday, 09 January 2023 10:35 PM

මිනිස්සුනේ උඹලා කොහෙවත් යන පව් කරේ දාගන්න එපා. ඕවගේ විපාක බරපතලයි. ඒ ස්වාමින්වහන්ස පාවිච්චි කරන්න දුන්නද කව්ද දන්නේ. පුජා නොකර.

:       4       119

Ruwan Monday, 09 January 2023 08:15 PM

තාත්තාගේ දේපොල පුතාට අයිති වෙනවානේ.........

:       184       7

මහල්නිවාස Monday, 09 January 2023 08:39 PM

නමේ තියෙන්නත් මහා මන්දිර, අනේ මංදා අපිට සියල්ල අතාරින්න කියලා එයාලා ඔක්කොම අල්ලගෙන. තව ටික කාලෙකින් පාතේගම v8 හිමි, ඕමල්පේ සෙවන් සීරීස් හිමි, මුරුත්තෙට්ටුවේ රේන්ජ්‍ රෝවර් හිමි, අටබාගේ වතුකාර හිමි, අතුරලියේ කෝටිපති හිමි කියලා අය ආවත් පුදුම වෙන්න දෙයක් නෑ....

:       160       21

පුරවැසියෙක්.... Tuesday, 10 January 2023 10:15 AM

අනේ මෙහෙම තන්හාවක්. අනේ මෙහෙම ආශාවක්. සිවුරුලාගන්නේ සියල්ල අතහැරය. නමුත් අද මෙරට භික්ෂූන් කරන්නේ මොනවාදැයි කියා සිතෙන තත්ත්වයකට පත්ව ඇත. මෙය බෞද්ධයන් ලෙස අපට දරාගත නොහැකි අන්දමේ කළකිරීමකි. මම ළඟදි ගිය ආගමික කටයුත්තකදී භික්ෂූන් එහි වඩින විට මට හැගී ගියේ එය විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණෙන උත්සවයක්දැයි කියාය. මන්ද එම නායක භික්ෂූන් වැඩි දෙනා වැඩම කළ වාහන අති නවීන පන්නයේ ( ඉන්ධන ලීටරයකට කිලෝ මීටර් 5 ක් 6 ක් පමණ ධාවනය කෙරෙන ) බෙන්ස් , ෆ්රීමියෝ , අවුඩි වැනි මෝටර්රථ වීමය. භික්ෂූන් මේ ගැන සිතිය යුතු කාලය එළඹ ඇත. බුදුන්ගේ ධර්මය නමට පමණක් සීමා වී තිබේ ද ?

:       215       11

JagathS Tuesday, 10 January 2023 11:54 AM

හොර වැඩ වංචා දූශණ තහනම් ද්‍රව්‍ය වෙලඳාමෙන් වගේ ලාභ ලබන ගිහියන්ට ඒ මුදල් භාවිතා කරන්න බෑ වාහන ගන්න ආදයම ආ විදිහ පෙන්වන්න වෙනව බැරි වුනොත් වාහනය රාජ සන්තකයි පන්සල් වල භික්ශූන් කරන්නෙ මේක වාහනය අදාල ගිහිය මුදල් දීල ගත්තා වෙන්න පුලුවන් නඩු ගියත් ප්‍රශ්නයක් නෑ පන්සල් වලට ලැබෙන ආදායම් විගණනයක් නැති නිසා හිතෙන ගානක් කිව්වහැකි දානමාන වලින් දායකයො දීල හෝ පින් කැට වලිං ලැබුන කියල‌ දේශපාලඥයො කොමිස් කාරයො මත්ද්‍රව්‍ය වෙලෙන්දො කලු සල්ලි සුදු කරගන්නෙ මෙහෙමයි මෙතන වෙලා තියෙනව වෙන්න පුලුවන් මේ වගේ දෙයක්

:       148       6

පිටිගල මිලානෝ Tuesday, 10 January 2023 01:12 PM

ඇයි හාමුදුරුවො වාහනෙන් නෙවෙයිද නිවන් ගිහින් තියෙන්නේ ?

:       77       3

සිරිපාල Tuesday, 10 January 2023 01:13 PM

අධි සුපිරි වාහන විතරද තිබිලා තියෙන්නේ.... පොඩ්ඩක් හොයලා බැලුවොත් අධිසුපිරි ගෙවල්, වතුපිටි, කොම්පැනි, බැංකුගිණුම්, දරුපවුල් එහෙමත් තියෙන්න බැරි නෑ... නමත් සිරිනිවාස නේ.... අපි තියාගත්තොත් කෙළෙස්, එයාලට දුන්නොත් පිං.... අනේමංදා.... අපේ හාංදුරුවනේ

:       83       4

SenakaTuesday, 10 January 2023 01:42 PM

පොඩ්ඩක් හොයල බලන්න පල්ලියට තියෙන වත්කම්. සුද්දා සිංහලයගෙන් උදුරාගෙන පල්ලියට දීපු අක්කර ලක්ෂ ගානක දේපල. නිකන් කොලඹ අවට විතරක් තියෙන පල්ලිවල ඉඩම් ටික බලලා කතා කරනවාද? සුපිරි ෆුඩ් සිටි තරම් බිල්ඩින්වල ඒ තරම් විශාල කාර්පාක් එක්ක ඉඩම් පල්ලියට දුන්නේ කවුද?

:       0       19

බිම්සර Tuesday, 10 January 2023 02:09 PM

ඒ ස්වාමින්වහන්සේට ඉන්නකන් ගමන් බිමන් යන්න දීල තියෙන්න ඇති තාවකාලිකව. පුජා නොකර. ඉතිං ස්වාමින්වහන්සේගේ අපවත් වීමෙන් පසු නැවත ඉල්ලන්න ඇති එහෙම වෙන්නත් පුළුවන් . සුළු ප්‍රශ්නයක්.

:       0       1

චන්දිම ෆොන්සේකා Tuesday, 10 January 2023 05:18 PM

අතිපුජ්‍ය අපවත්වී වදාළ මඩිහේ පඥාසිහ නායක හාමුදුරුවන්ටත් ඒකාලේ නොයෙකුත් උදවිය පැමිණ ඔවැනි සුඛෝපභෝගී යාන වාහන දෙන්න හැදුවාලු. එත් උන්වහන්සේ පිළිතුරු දුන්නේ පන්සලේ වැඩට පන්සලේ සමිතියේ වැන් දැනට තියෙනවානේ. ඒ නිසා මේ පින්වතුන්ගේ වාහන දැනට අපට අවශ්‍ය වෙන්නේ නැහැ කියාලා. ඒ මිනිස්සුන්ගේ හිත නොරිදෙන විදියට කාරුණිකව ප්‍රතික්ෂේප කලාලු. උන්වහන්සේ වැඩහිටපු කාමරය ඉතා සරල ඉතා පිරිසිදු තැනක්. පොලොවට ටයිල් තිබුනේ නැහැ. ආදී කාලේ දාපු සිමෙන්ති පොළොවක්. මැදින් හරහට පුපුරලත් තිබුනා. ඇඳක් කුඩා මේසයක් පුටු දෙකක් හෝ තුනක් පමණයි තිබුනේ. අනේ ඉතින් ඒ වගේ යතිවරයාණන් වහන්සේලා අද පහල වෙන්නේ නැද්ද?

:       1       1

HasithaWednesday, 11 January 2023 06:08 AM

ඒ ජාතියේ යතිවරයන් වහන්සේලා ඕන තරම් තාමත් ජීවත් වෙනවා. ඒත් සසරින් එතෙර වෙන්න අදහසක් නැති, මඩ ගහන්න විතරක් බලාගෙන ඉන්න, පාන්සකූලෙට විතරක් පන්සල මතක් වෙන බෞද්ධයන්ටයි, බෞද්ධයො ටික රවට්ටලා තමන්ගෙ ආගමට ගන්න ඉන්න අන්‍යාගමිකයන්ටයි ඒ උතුම් මිනිස්සු පේන්නෙ නෑ.

:       0       14

Thilaka Randeni Tuesday, 10 January 2023 06:36 PM

කොහොමද එයාට වාහන තියෙන්නේ? උන්වහන්සේ අති වන්දනීය අති පූජනීය සුපේශල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ කෙනෙක්නේ. අත් හරින්න කියලා දෙන කෙනෙක් නේ.

:       14       0

ශානි ගමගේ Thursday, 12 January 2023 09:21 PM

අයියෝ සාමි...මෙහෙම ගියොත් අපේ දැන් ඉන්න නායක ස්වාමීන් වහන්සේලාට අක්කර 500 ටත් උසාවි එන්න වෙයිද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්කළ නිසා මේ ආත්මයේ ස්වාමීන් වහන්සේට සියලු දේ දානය ලෙස ලැබුණා. ඒ බලා නුවණින් කටයුතු කර ලබන භවයකට පින් රැස් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site