(උපාලි ආනන්ද)
අනුරාධපුර අටමස්ථානධිපතිව සිට අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානූකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ පෙනීි සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළාය.
එමෙන්ම මෙම නඩුවට අදාළව විරෝධතා ඇත්නම් එදිනට හෝ එදිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද දිසා විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට තවදුටරත් නියෝග කරනු ලැබුවාය.
අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර පදිංචි පේලිමුහන්දිරම් අප්පුහාමිලගේ චන්දානන්ද යන අය නීතිඥ දසුනි කුමාරසිංහ මහත්මිය මගින් අනුරාධපුර දිසා අධිකරණයේ ගොනු කර ඇති මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර බෝමළුව පන්සල (ජය ශ‍්‍රි මහ බෝධි විහාර) ලිපිනයේ අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සහ කැකිරාවේ ඤාණසිරි හිමි සහ අනුරාධපුර පැරණි නගරය ථූපාරාම පන්සල ලිපිනයේ ථූපරාමාධිකාරි ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු….සාදු….සා…..!
බුදුහාමුදරුවෝ නම් තණ්හාව, ක්ලේශය, මෝහය වගේ සියලුම ආශාවල් සමනය කළා...
බුදුදහමට විරුද්ධව ගොඩනැගෙන සැලසුම් සහගත ක්‍රියාවලියක් වෙමින් පවතින බව දැන් නම් හොඳටම පැහැදිලියි. රනිල් නායකත්වයේ ඉන්නකොට ඕව වෙන එක පුදුමයක් නෙමේ.
අධි සුඛෝපභෝගී ජීප් රථ නැතුව බොහෝ හිමි වරුන්ට නිවන් අවබෝධ කර ගැනීම දුෂ්කරයි
චන්ද්‍රදාස මලයට කොහොමද හාමුදුරුවන්ගෙ වාහනයෙ අයිතිවාසිකම් තියෙන්නෙ? මොකක්ද සම්බන්දතාවය, මෙ චන්ද්‍රදාස මල්ලියෙ බොරු නම් කොරන්න එපා ඕන් හොදෙ
ආ මට වැරදුනා චන්දනද මලය. චනද්‍රදාස නෙවේයි.
පේනවනෙ අතහැරල තියෙන තරම
මේ යන විදිහ බුදු හාමුදුරුවන්වත් නඩුවල සාක්කියට කැඳවන්න වෙයි.
මේක අපභ්‍රංශයක් වගේ පේන්නේ. අපි හිතමු ඔය කියන පුද්ගලයා නායක හිමියන්ට ජීප් එකක් පූජා කළා කියලා. ඒ කියන්නේ දන් දීමක්නේ. හරි. දුන්න කියන්නේ අත්හැරියා කියන එක. ඒකයි දානයේ ස්වභාවය. ඇත්තටම මේ මනුස්සයාදුන්නා නම් මොන මඟුලකට ද දැන් ඉන්න නායක හිමියන්ට නඩු දාන්නේ. ඒ කියන්නේ මේක දීලා තියෙන්නෙත් හිතේ ලෝභය, ආසාව තියාගෙන. එවිට කුසලය පළ දෙන්නේ නෑ. ජීප් එක සඟ සතු භාණ්ඩයක්. සඟසතු දේ කොහාමත් ගිහි අපිට අයිති නෑ.
PPL (පන්සල් ප්‍රෙමියර් ලීග්) කියලා මෝටර් රථ තරගාවලියක් තිබ්බොත් කවුරු දිනයිද? උඩමලු යෙලෝ රැග්ස්, කතරගම නිලමයන්ස්, කැලනි නාඝස්, අස්ගිරි ක්ලයිම්බ්ස්, මල්වතු ඩ්‍රිෆ්ටර්ස්? අපි නොදන්න පොඩිම පොඩි ෆ්‍රැන්චයිස් එකක් දිනන්නත් පුලුවන්.
තාත්තාගේ දේපොල පුතාට අයිති වෙනවානේ.........
නමේ තියෙන්නත් මහා මන්දිර, අනේ මංදා අපිට සියල්ල අතාරින්න කියලා එයාලා ඔක්කොම අල්ලගෙන. තව ටික කාලෙකින් පාතේගම v8 හිමි, ඕමල්පේ සෙවන් සීරීස් හිමි, මුරුත්තෙට්ටුවේ රේන්ජ් රෝවර් හිමි, අටබාගේ වතුකාර හිමි, අතුරලියේ කෝටිපති හිමි කියලා අය ආවත් පුදුම වෙන්න දෙයක් නෑ....
අනේ මෙහෙම තන්හාවක්. අනේ මෙහෙම ආශාවක්. සිවුරුලාගන්නේ සියල්ල අතහැරය. නමුත් අද මෙරට භික්ෂූන් කරන්නේ මොනවාදැයි කියා සිතෙන තත්ත්වයකට පත්ව ඇත. මෙය බෞද්ධයන් ලෙස අපට දරාගත නොහැකි අන්දමේ කළකිරීමකි. මම ළඟදි ගිය ආගමික කටයුත්තකදී භික්ෂූන් එහි වඩින විට මට හැගී ගියේ එය විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණෙන උත්සවයක්දැයි කියාය. මන්ද එම නායක භික්ෂූන් වැඩි දෙනා වැඩම කළ වාහන අති නවීන පන්නයේ ( ඉන්ධන ලීටරයකට කිලෝ මීටර් 5 ක් 6 ක් පමණ ධාවනය කෙරෙන ) බෙන්ස් , ෆ්රීමියෝ , අවුඩි වැනි මෝටර්රථ වීමය. භික්ෂූන් මේ ගැන සිතිය යුතු කාලය එළඹ ඇත. බුදුන්ගේ ධර්මය නමට පමණක් සීමා වී තිබේ ද ?
හොර වැඩ වංචා දූශණ තහනම් ද්‍රව්‍ය වෙලඳාමෙන් වගේ ලාභ ලබන ගිහියන්ට ඒ මුදල් භාවිතා කරන්න බෑ වාහන ගන්න ආදයම ආ විදිහ පෙන්වන්න වෙනව බැරි වුනොත් වාහනය රාජ සන්තකයි පන්සල් වල භික්ශූන් කරන්නෙ මේක වාහනය අදාල ගිහිය මුදල් දීල ගත්තා වෙන්න පුලුවන් නඩු ගියත් ප්‍රශ්නයක් නෑ පන්සල් වලට ලැබෙන ආදායම් විගණනයක් නැති නිසා හිතෙන ගානක් කිව්වහැකි දානමාන වලින් දායකයො දීල හෝ පින් කැට වලිං ලැබුන කියල දේශපාලඥයො කොමිස් කාරයො මත්ද්‍රව්‍ය වෙලෙන්දො කලු සල්ලි සුදු කරගන්නෙ මෙහෙමයි මෙතන වෙලා තියෙනව වෙන්න පුලුවන් මේ වගේ දෙයක්
ඇයි හාමුදුරුවො වාහනෙන් නෙවෙයිද නිවන් ගිහින් තියෙන්නේ ?
අධි සුපිරි වාහන විතරද තිබිලා තියෙන්නේ.... පොඩ්ඩක් හොයලා බැලුවොත් අධිසුපිරි ගෙවල්, වතුපිටි, කොම්පැනි, බැංකුගිණුම්, දරුපවුල් එහෙමත් තියෙන්න බැරි නෑ... නමත් සිරිනිවාස නේ.... අපි තියාගත්තොත් කෙළෙස්, එයාලට දුන්නොත් පිං.... අනේමංදා.... අපේ හාංදුරුවනේ
ඒ ස්වාමින්වහන්සේට ඉන්නකන් ගමන් බිමන් යන්න දීල තියෙන්න ඇති තාවකාලිකව. පුජා නොකර. ඉතිං ස්වාමින්වහන්සේගේ අපවත් වීමෙන් පසු නැවත ඉල්ලන්න ඇති එහෙම වෙන්නත් පුළුවන් . සුළු ප්‍රශ්නයක්.
අතිපුජ්‍ය අපවත්වී වදාළ මඩිහේ පඥාසිහ නායක හාමුදුරුවන්ටත් ඒකාලේ නොයෙකුත් උදවිය පැමිණ ඔවැනි සුඛෝපභෝගී යාන වාහන දෙන්න හැදුවාලු. එත් උන්වහන්සේ පිළිතුරු දුන්නේ පන්සලේ වැඩට පන්සලේ සමිතියේ වැන් දැනට තියෙනවානේ. ඒ නිසා මේ පින්වතුන්ගේ වාහන දැනට අපට අවශ්‍ය වෙන්නේ නැහැ කියාලා. ඒ මිනිස්සුන්ගේ හිත නොරිදෙන විදියට කාරුණිකව ප්‍රතික්ෂේප කලාලු. උන්වහන්සේ වැඩහිටපු කාමරය ඉතා සරල ඉතා පිරිසිදු තැනක්. පොලොවට ටයිල් තිබුනේ නැහැ. ආදී කාලේ දාපු සිමෙන්ති පොළොවක්. මැදින් හරහට පුපුරලත් තිබුනා. ඇඳක් කුඩා මේසයක් පුටු දෙකක් හෝ තුනක් පමණයි තිබුනේ. අනේ ඉතින් ඒ වගේ යතිවරයාණන් වහන්සේලා අද පහල වෙන්නේ නැද්ද?
කොහොමද එයාට වාහන තියෙන්නේ? උන්වහන්සේ අති වන්දනීය අති පූජනීය සුපේශල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ කෙනෙක්නේ. අත් හරින්න කියලා දෙන කෙනෙක් නේ.
අයියෝ සාමි...මෙහෙම ගියොත් අපේ දැන් ඉන්න නායක ස්වාමීන් වහන්සේලාට අක්කර 500 ටත් උසාවි එන්න වෙයිද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්කළ නිසා මේ ආත්මයේ ස්වාමීන් වහන්සේට සියලු දේ දානය ලෙස ලැබුණා. ඒ බලා නුවණින් කටයුතු කර ලබන භවයකට පින් රැස් කරන්න.