(අංජුල මහික වීරරත්න)
බුත්තල - කතරගම පාරේ වන අලින්ගෙන් වාහන වලට සිදුවන පහරදීම් වැලැක්වීමට සහ වන අලි පලවා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුව ජංගම රථ යෙදවූ බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පසුගිය දින හතර පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල - කතරගම පාරේ රැඳී සිටින වන අලි වනාන්තරයට පලවා හැරීමටත්, වාහනවලට අනතුරු සිදු කිරීම වලක්වාලීම සඳහාත් ජංගම රථ යොදවා මෙහෙයුම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බව අමාත්‍යාංශය පවසයි.
මින් ඉදිරියටත් මෙම වැඩපිළිවෙල අවශ්‍යතාවය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කරන ලද බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.
මෙම පාරේ වාහනවලින් ගමන් කරන සමහර පිරිස් වන අලින්ට ආහාර ලබාදීම නිසා එම සතුන් මඟ රැක සිට වාහන වලින් ආහාර ලබාගැනීමට පුරුදු වී සිටීම මෙන්ම ඇතැම් මගීන් හා රියදුරන් වන අලි කුලප්පු කිරීම මඟින් කිසියම් ප්‍රාථමික වින්දනයක් ලැබීමට තැත් කිරීම නිසා වන අලින්ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
එම නිසා බුත්තල - කතරගම මාර්ගයේ පමණක් නොව උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී ද වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්.
අපි කන්න දෙනව පැරදුනු අලියෙකුට . අනේ සර් අපිට නඩු දාන්න එපා
පැරදුන අලියට කන්න දුන්නොත් නඩු දාන් නැද්ද? එහෙම කලොත් 134 විතරයි ඉතුරු වෙන්නෙ, අනිත් ඔක්කොම විත්තිකරුවො, නඩුකාර හමුදුරුවොත් විත්තිකාරයෙක් වෙනව, එතකොට නඩු අහන්න කෙනෙකුත් නැහැ, සුන්දර ශ්‍රී ලංකාව
වන සතුන් මහ පාරට එනඑක නවත්වන්න හරියට වැඩකරන විදුලි වැටවල් වැනි වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැතුව පාරේ යන එන මිනිස්සුන්ට දඬුවම් කරන එකත් හරියට අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්...