
කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති.
රාත්‍රියට නිවාස ආසන්නයටම පැමිණෙන කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්‍රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද ඔවුහු කියති.
කඳුකර කොටියන් නිවෙස්වලට පැමිණ දෙරවල් විවෘත කිරීමට පවා තැත් කරන බව එම පදිංචිකරුවෝ සඳහන් කරති.
ආගරපතන නව කොළණිය ගම්මානයේ නිවසක සවි කර තිබු ආරක්ෂක කැමරාවක විශාලප්‍රමාණයේ කඳුකර කොටියෙකු නිවසට පැමිණ නිවසේ පිටුපස දොර විවෘත කිරීමට තැත් කරන අයුරු සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ කදකර කොටි බිය ඉහළ ගොස් ඇතැයි එම වැසියෝ කියති.
මේ පිළිබදව එම නිවසියන් ආගරපතන පොලීසියට පැමිණි කොට ඇති අතර, තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීන්ගෙන් එම ගම්මානයේ ජනතාව ඉල්ලා සිටිති.
(ශන්ත චන්ද්‍රසිරි සහ ගනේෂන් ක්‍රිෂාන්තන්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු කොහෙද හලෝ හොරකමේ යන්නේ... ඔහෙලා භාෂාව ඉගෙන ගන්නවා.. එහෙම නැත්නම් සත්තුන්ට ගොවිපලවල් දාගෙන කන්න උගන්නනවා.
මෙවැනි සතුන් කොළඹ වැනි නගරබද ප්‍රදේශයක ගැවසුනා නම්, දැනටමත් මේ සතුන් ඉවත් කර හමාරයි. මේවා සිදු වන්නේ ගම් බද දුප්පත් මිනිසුන් වෙසෙන ප්‍රදේශ වල නිසා, බලධාරීන් ඒ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙවැනි කොටියෙකුට කුඩා දරුවෙක් අහාරයට ගත හැකියි. මෙවැනි සතුන්ගෙන් මිනිසුන්ට අවදානමක් තිබේ නම් උන්ට වෙඩි තැබිය යුතුයි.
රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි ගැටළුවට විසඳුම කුමක්ද?
කලකට පෙර දේශපාලන නායකයෙක් කිව්වා නේ රෑට රෑට ගෙවල් වලට ඇවිල්ලා බලන බව. ඕක කොටියෙක් අහගෙන ඉන්න ඇති.
හොඳට බලන්න මේ කට්ටිය මොකද කරන්නේ කියලා.
බොහොම භයානකයි. කුඩාදරුවන්ව පැහැරගෙන යන්නත් බැරිකමක් නැහැ. වැසිකිළි පහසුකම් එළියේ තියෙන අයගේ ජීවිතවලට අනතුරු සිදුවිය හැකි යම් විදිහකට හදිසි අවස්ථාවක එළියට පහළියට යන්න වුණා නම් දඩයමේ ආපු කොටියෙකුගේ පහර දීමකට ලක්වෙන්න පුළුවන්. මෙම තත්වය නිසා හැම කර්තව්‍යයක්ම නිවස තුළම සිද්ද කරන්න වෙයි. රාත්‍රී කාලයේ එළියට යන්න බැරි හින්දා...