(යොහාන් භාසුර)
පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කෙරුණු රැකියා ලක්‍ෂයේ වැඩසටහන යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට අඩු ආදායම් ලාභීන් 3,000 ක් කම්කරු පත්වීම්වලට බඳවාගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින සේවක ගැටලුවට විසඳුමක් ලෙස මෙම පත්වීම් කිරීමට අනුමැතිය ඉල්ලා ඇති බවත් එම පත්වීම් හැකි ඉක්මණින් ලබාදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමෙන්තුවට අවශ්‍ය වෙලා තියෙන්නෙ කම්කරු අංශයෙ සේවකයන් නෙමෙයි නියාමක, ස්ථනධිපති වැනි කාර්යාලිය තනතුරු වලට කියල මෙ ගොබ්බ ඇමතියට තේරෙන්නෙ නැද්ද ?
හොඳ දෙයක් වගේ පේන්නේ නම්...!
මොනවා කරන්නද?. නිකම්ම පඩිගන්න අය දහස් ගණනක් ඉන්න එක තව පුරවන්නේ කොහේටද? පාරක්වත් නඩත්තුව නොකරන දුම්රිය පිරිසිදු නොකරන ලෝකයේ එකම දුම්රිය සේවය...
පුද්ගලීකරණය කරන්න.
ඒ කාලයේ රැකියා දෙනවා කිව්වෙ අඩු ආදායම්ලාභීන් සදහා නොවෙයි කියලා අමතක වීම ප්‍රභාකරන් කියපුදේ සත්‍ය වීමක්.2019 කිව්වෙ අධ්‍යාපන සුදුසුකම් නැති අයට රැකියා දෙනවා කියලා තමයි මතකයේ තියෙන්නෙ අඩු ආදායම් ලාභීන්ට රැකියා ඕනෑතරම් තියෙනවා ඔවුන්ට නැත්තේ හැකියාව පුහුණුව හා ඒවායින් සමාජ පිලිගැනීමක් නැතිකම..ඇත්තටම රටට විදේශ විනිමය ගෙනෙන තේ,රබර් ,කුරුදු පොල් පුවක් ආදී වගාවන්ගේ රැකියා බොහොමයක් තියෙනවා ඒවාට පුහුණුවක් දීලා එහෙම අයගෙන් සමුපකාර සමිති හැදුවොත් රැකියා ප්‍රශ්න විසදීමට නොහැකිද කියලා හිතෙනවා එම සමිති හරහා අවශ්‍ය අයට ශ්‍රමිකයන් ගැනීමට ක්‍රමයක් තමයි අවශ්‍ය වෙන්නෙ එහෙම හදල ඔවුන්ට වගා නිළධාරින් / නැත්නම් අස්වනු එකතුකිරීමේ නිළධාරින් කිව්වොත් අකමැති වේවිද එහෙම වුනොත් රාත්‍රියේ හොරකම් වීමත් අඩුවෙන්න පුළුවන් ලංකාවෙ සැවොම නිළධාරින් වෙන්න තමයි කැමති (උදාහරණයක් විදියට ආරක්ෂක නිළධාරින් නැත්නම් සිකියුරිටි සේවය )
කම්කරුවන්? පවතින ගැටළුවට පිළිතුරක් නොවේ. චන්ද බලාගෙන තව ගැටළු නිර්මාණයක්.
අඩු ආදායම්ලාභීන් සදහා ගම් මට්ටමෙන් මොනවාහෝ නිෂ්පාදන ව්‍යාපෘති සකසන්න බැරිද ගම්වල තියෙන සම්පත් යොදාගෙන ව්‍යාපෘති කරන්න පුළුවන් මේ රටේ නැත්තේ මොනවාද එයට අමතරව රටේ වඩු කාර්මික ,පෙදරේරු කාර්මික වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල රැකියා අවස්ථා තියෙනවා අකාලයේ පාසැල් හැරයන පිරිස් ඒවාට යොමුකර රටේ සංවර්ධනය කරන්න බැරිද ඔක්කොටම රජයේ රැකියා දෙන්න බැහැ දුම්රියේ දෙනවට නොවෙයි කියන්නෙ රටේ දියුණුව දැකීමට කැමැත්ත නිසා .පුළුවන් නම් ලක්ෂයක් වුනත් දුම්රිය සදහා ගන්න අනාගත ජනාධිපති වෙනවා කියලා හිතෙන සජිත්ට මැතිතුමාට වත් එහෙම හැගීමක් ඇතිවේවා