(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ බැංකු තුනක් ඉන්දියානු බැංකුවේ ආරම්භ කර ඇති විශේෂ ඉන්දීය රුපියල් වොස්ට්‍රෝ ගිණුම් සක්‍රීය කිරීමට ඉන්දියානු මහ බැංකුවෙන් නියාමන අනුමැතිය ලැබී ඇති බවත් එම ගිණුම් සතියක් ඇතුළත සක්‍රීය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
සක්‍රීය කළ පසු ඩොලර් මත යැපීමකින් තොරව ශ්‍රී ලංකාවට, ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ඉන්දියාව සමඟ වෙළඳ ගණුදෙනු සිදු කිරීමට අවස්ථාව ලැබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.
ඉන්දියානු බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 1932 වසරේ කොළඹදී ශාඛාවක් විවෘත කර ඇත.වොස්ට්‍රෝ ගිණුම් ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමටද සහාය වනු ඇතැයි ඉන්දීය බැංකු ක්ෂේත්‍රයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd